28 වන පරිච්ඡේදය

1K 214 9
                                    




"සියුම්!"

"එයාට මොනාද වෙලා තියෙන්නේ?"

"ඇයි අර??"

"කවුරු හරි ගිහින් බලන්න!!"

"එයා කලන්තේ දාලාද!!??"

"එද්දිත් එයා හොඳ පාටට නෙමෙයි හිටියේ!"

"දෙවියනේ එයාව අල්ලගන්න කවුරු හරි!"

Crit එක දැන් කඩි මගුලක් වගේ. හැමෝම කලබල වෙලා.. ඒ වචන මට ලගින් ලගින් ඇහෙද්දි මට කර කියාගන්න දෙයක් නැතුව බිමට පාත් උනේ මට තවත් වැටෙන්නනයි කියලා තැනක් නැති නිසයි. මේකද ඒ?? ඒ මේකද?? ආදරේ කියන්නේ මේ හැගීමට ද?? ඒක මේ තරම් රිදෙනව ද? මෙච්චර කල් මගේ පපුවත් එක්ක හිර වෙලා තිබ්බේ ඒකටද?? ඒ හැගීම ද දැන් කදුලු වෙලා මගේ ඇස් වලින් කඩන් වැටෙන්නේ?

ඔව් මං අඩනවා! අවුරුදු ගානක පස්සේ මේ සියුම් අඩනවා!! අඩද්දි මෙච්චර අමාරුයි ද? මගේ හිතේ තියෙන හැම දෙයක්ම මතක් කර කර මං අඩන්න ගත්තා.. මතක් කරන්න කියලා කෙනෙක්ට ඉන්නේ අම්බර විතරයි.. ඔයා අන්තිමේදි මාව ඇඩෙව්වා අම්බර... ඔයා මට දුක දැනෙන්නේ කොහොමද කියලත් පෙන්නලා දුන්නා.

"පුතා..."

මං බිම වැටීගෙන අඩද්දි අපේ මැඩම් ඇවිත් මාව බදා ගත්තා. එතකොට මට තව හයියෙන් ඇඩුනා. අනේ මගේ අම්බර කොහෙද?? මං එයාට ආදරෙයි!! ඒ හැගීම තමයි මෙච්චර කාලයක් මගේ පපුව හිර කර කර තිබ්බේ...!! ඔයා නැති පාලුව.. ඔයා නැති වෙන දුක තමයි මගේ උගුර හුස්ම හිර වෙන තැනටම හිර කරේ!! අනේ ඔයා කොහෙද ඉන්නේ?? අනේ ඉන්න තැනකින් එන්නකෝ!! මං අඩනවා ඔයාට පේන්නේ නැද්ද!! අම්බර ඔයාට සතුටු හිතෙයි මාව දැක්ක නම්... මේ හැගීමක් දැනීමක් නැති කොල්ලා දැන් පිස්සෙක් වගේ අඩනවා!! එයාට දුක දැනෙනවා ඊටත් වඩා එයාට දැන් උත්තරේ හොයා ගන්න බැරි උන ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා...!! අම්බර එන්නකෝ මට ඔයාට ඒක කියන්න ඕනේ!! මට ඒක ඔයාට කියන්න ඕනේ අම්බර! ඒකට කියන්නේ ආදරේ කියලා!!! ඔයා මට දීලා හැංගිලා ගිය හැගීම...!! ඒක ආදරේ!!!

"අ.. අනේ මැඩම්.."

මං මැඩම් ව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා. මං දන්නවා දැන් හැමෝම මෙතන වට වෙලා බලාගෙන ඇති. ඒත් මට ඒ ගැන දැන් කිසිම තැකීමක් නෑ! ඊට වඩා මට මගේ හැගීම් වටිනවා!! අම්බර අමාරුවෙන් මට අරන් දුන්න මගේ හැගීම් මට වටිනවා!!

අපි පියවි ✓Where stories live. Discover now