21 වන පරිච්ඡේදය

1K 217 11
                                    


අම්බර මට blanket එක පෙරෙව්ව එකට නම් මං හිතින් දහස් වාරයක් පිං දුන්නා. නැත්තන් එයා අනිවාරෙන් මගේ අත් දිගේ පිපිගෙන එන හිරිගඩු දකිනවා.

"please මාව විශ්වාස කරන්න..."

ඒ කටහඩට මගේ මුලු ඇග පුරාම විදුලි කෙටුවා. දෙවියනේ මං අම්බර ගේ ඔච්චර බර කටහඩක් මීට කලින් අහලම නෑ... ඒත් ඇයි ඔයා හැමතිස්සෙම මට ඔයාව විශ්වාස කරන්න කියලා කියන්නේ..

ඒ කිව්වත් එයා ගේ අත මගේ ඔලුවෙන් අයින් උනේම නෑ. මං දන්නවා.. එයා දැන් මගේ පැත්තට හැරිලා ඉන්නේ. මට එයාගේ මූන බලන්න ආසයි.. ඒ උනාට දැන් බෑ.. මට නින්ද යන්නෙත් නෑ.. ඒත් ඇස් අරින්න බයයි.. අනේ මන්දා මට මොකද්ද වෙනවා.

ඒත් අම්බර ගේ ඇගිලි මගේ කොන්ඩේ අස්සෙන් යද්දි මාරම සනීපයි... ඒකට ඇත්තටම නින්ද යන්න එනවා.. ඒත් අත ගාන කෙනා නිසා ඒ නින්ද මගෙන් පැනලා දුවනවා...

***

"සියූ.."

ඒ කටහඩ ඇහුනේ මගේ කන ගාවින්මයි.

"ම්..."

"නැගිටින්න..."

"හ..හහහ අනේ තව ටිකක් ඉන්න දෙන්නකෝ අප්පා! ඔයත් හරියට අපේ මැඩම් වගේ"

මං නිදිමතේම එහෙම කියන ගමන් blanket එක ඔලුව වැහෙන්නම පොරව ගත්තා.

"මට කමක් නෑ... ඒත් මගේ අත දෙන්න... අද මට play කරගන්න බැරි උනොත් ඔයාට තමයි ඒකට වග කියන්න වෙන්නේ"

ඈ?

මං ඉක්මනට blanket එක ඔලුවෙන් අයින් කරේ ඔය කියන අත හොයන්න. මං මගේ අත් දෙක උස්සලා බැලුවා! එයාගේ අතක් බදාගෙන තියා අතේ මයිල් ගහක්වත් මං අල්ලන් නෑ!

"අනිත් පැත්ත බලන්න"

කිව්වා වගේ බෙල්ල හරවලා බලද්දි තමයි දැක්කේ මං ඔලුව තියන් ඉන්නේ අම්බර ගේ අත උඩ කියලා. දෙවියනේ මං දඩ බඩ ගාලා නැගිට්ටා.

"මං කොහොමද ඔයාගේ අතක් උඩට ආවේ?"

මං එහෙම අහද්දි අම්බර එයාගේ අත නවන ගමන් දන්නෑ කියන්න උරහිස ඇකිලුවා.

"දන්නේ නෑ"

එතකොට තමයි මට ඊයේ රෑ මතක් උනේ.

අපි පියවි ✓Where stories live. Discover now