13 වන පරිච්ඡේදය

1.1K 238 11
                                    

ඒක එයා කිව්වේ වැරදියට ද නැත්තන් මට ඇහුනේ වැරදියට ද කියලා හිතාගන්න බැරි වෙලාවක මගේ ඔල මොට්ටල පපුවත් එක පාරටම එයාගේ ගැහෙන වේගේ වැඩි කරන්න ගත්ත.

මං ගල් වෙලා වගේ බලන් හිටියේ එයා දිහා.. අම්බර ලග ඉන්නකොට මට මොකද්ද මේ වෙන්නේ? මට හැගීම් දැනීම් දැනුනේ නෑ නේද.. ඒත් දැන් මොකද්ද මේ..

ඒත් අම්බර motorbike එකේ ස්ටෑන්ඩ් එක අයින් කරලා ඒක start කරනකොට මට කෙල ගිලුනා. ඒ කරලා එයා bike එක ඉස්සරහට අද්දපු ඇද්දිල්ලට මාව ගිහින් තවත් අම්බරගේ ගේ ඇගට ඇලුනාම මගේ විකාර පපුව තව වාකාර නටනවා. හොඳ වෙලාවට මං full face helmet එකක් දාගෙන ඉන්නේ! දෙවියන්ට පිස්සුද මට මොකද්ද මේ වෙන්නේ???

"හෙ.. හෙමින් යන්න..."

එයා ඉස්සරහට යන වේගේට මට එහෙම කියවුනේ නැත්තන් තමයි පුදුම. දැන් තමුසේ මොකටද ගොත ගහන්නේ?? මෝඩයා සිහියට එනවා!! මෝඩ සියුම්!

"අර අම්මා ඔයාට ගොඩක් කැමති වගේ සියූ.."

අම්බර කියෙව්වේ මාරම වේගෙන් ඉස්සරහට යන ගයන්. ඒ වේගෙට සද්දේ ඇහෙන්නේ නැති නිසා මේ මනුස්සයා පාර මැද්දේ බෙරිහන් දෙනවා.

"ඔව්...!! මාත් එයාට ආසයි! එයා ෂෝයි!"

මං කියලත් වෙනසක් නෑ ඉතින්. ඒ කියද්දි ඉස්සරහා තිබ්බ side mirror එකෙන් අම්බර ගේ මූන දිහා බැලුවම අම්බර ගේ මූනට කියලා පේන්නේ එයාගේ ඇස් දෙක විතරයි. ඒ බලන් ඉද්දි මං දෑක්කා ඒයාගේ ඇස් නැවෙන ගමන් හීනි වෙනවා. එයා හිනාවෙනවා.

"එයා ලේසියෙන් කාටවත් කැමති වෙන්නේ නෑ"

අම්බර එහෙම කියන ගමන් එයාගේ වේගේ තවත් වැඩි කරා. ඒ බයටම වෙන කරන්න දෙයක් නැති හින්දා මගේ අත් දෙක තවත් එයාගේ ඉන වටේට තද උනා. හිමින් යන්නකෝ අප්පා~~~

හැබෙයි අම්බර වගේ කෙනෙක් එක්ක මෙහෙම යන එකත් හරිම අමුතුයි.. එලියේ දකින මනුස්සයයි මෙයයි ගොඩක් වෙනස්. බලන්න වටිනවා.

ඉතින් මං ඉන්න ගෙදරට යන පාර කන් ඇහෙන්නේ නැති අන්ධ මනුස්සයෙක්ට උනත් ලේසියෙන් හොයා ගන්න පුලුවන්. අම්බර ඉතින් කඩි කාපු ජෙට් එක වගේ විදගෙන යද්දි මං විනාඩි දෙකෙන් තුනෙත් ගෙදර ඉස්සරහ වැනි වැනි හිටගත්තා.

අපි පියවි ✓On viuen les histories. Descobreix ara