15 වන පරිච්ඡේදය

1.1K 238 17
                                    

මෙතන එකම බළල් වලියයි!!

"Linkingduck ඕකව කන්න එපා!!"

"Tchaikovsky!!"

මොකක් කිව්වා?? මං බළල් වලිය බේරන එක පැත්තකින් තියලා බයවෙලා තියෙන අම්බර ගේ මූන දිහා බැලුවා. I'm sorry but මට හිනා යනවා..!! අම්බර ගේ දැන් මූන බලන්න තරම් cute!!

"ඕකගේ බෙල්ල හප්පන්න එපා!!"

"අනේ මගේ Tchaikovsky!!"

මගේ Linkingduck කොහෙන් මෙහෙම වලි දාගන්න ඉගෙන ගත්තද මන්දා!! මං නැති ටිකේ මේ ලේන් එකේ පූස් බජාර් එකටවත් join වෙලාද මන්දා දැන් නම් මිනිහා හෙනම වලි කාපර් කෙනෙක් වෙලා. අප්පා අම්බර ගේ පූස් තඩියා හොඳටම බය වෙලා මයිලුත් කරන්ට් වැදිලා වගේ කෙලින් කරගෙන අපේ ඒකා ඌට ගහන කල් අර කොටි දත් ටිකත් විලිස්සන් කන්දෙක අකුලගෙන Linkingduck දිහා බලන් හිටියා. හප්පේ දැන් පූසාගේ මූනයි අම්බර ගේ මූනයි දෙකම එක වගේ කියහන්කෝ!! මුන් දෙන්නා උච්ච ස්වරයෙන් එකාට එකා මරාගන්න ජල්බරි අස්සේ මට අම්බර ගේ මූන දැකලා හිනත් යනවා!!! මට මොකද්ද වෙලා තියෙන්නේ මට හිනා යන්න එනවා!! මං හිනා වෙනවා කියලා නේද කිව්වේ?

"Linkingduck මෙහෙ එන්න~~!! ඇති ඇති ඕකගේ නැට්ට ගලවන්න එපා!!!"

බළල්ලු දෙන්නගේ කාගැනිල්ලේ break එකක් ගත්ත පාර මං Linkingduck ව මගේ ගාවට ඇදලා ගත්තා. ඒත් එක්කම වගේ පෙරහැරේ යන මහ බබා ඇගට කඩන් වැටිලා වගේ බය වෙලා ඉන්න කලුම කලු පාට පූස් නාම්බව අම්බර එයා ගාවට ඇදලා ගත්තා.

"මගේ බබාට කරදරයක් නෑනේ?"

අම්බර ඇහුවේ අර කලු කුමාරයා වගේ ඉන්න බළල් තඩියව වඩාගෙන.

"Proud of you Linkingduck! හැබෙයි ඔයා වැරදි කෙනාට පැන්නේ! ඒත් කමක් නෑ ඔයාගේ colors පෙන්නපු එක ගැන මට ආඩම්බරයි!"

"තව ටිකකින් මගේ Tchaikovsky මට නැති වෙනවා...! මං කොහොමද මෙහෙ මාසයක් විතර නතර වෙලා ඉන්නේ?"

මොකක්???!!!!

"ඈ?? නතර වෙනවා? මෙහෙ? මාසයක් විතර??"

මොකද්ද යකෝ ඒ කිව්ව හරුපේ?? එතකොට තමයි මං අම්බර ගේ එහා පැත්තේ තිබ්බ luggage එකත් දැක්කේ! යකෝ මෙයා නිකන් රට යන්න වගේනේ මෙහෙ ඇවිත් තියෙන්නේ!! එයාගේ කලු කුමාර පූස් නාම්බවත් අතගගා මං දිහා බලන් ඉන්න ලස්සන විතරක්!

අපි පියවි ✓On viuen les histories. Descobreix ara