31 වන පරිච්ඡේදය

1K 211 9
                                    





දෙවියෝ කියන්නේ කවුද? ඒකට එක එක අය එක එක දේවල් කියයි. මන්දා දෙවියෝ කොහෙ ඉන්නවද කියන්න ඒ්ත් දෙවියෝ සිහි වෙන වෙලාවට මං උඩ බලනවා. මං මට තදටම ඕන කරන දෙයක් ලබා ගන්න හැමතිස්සෙම අහස දිහා බලාගෙන කෑගහනවා. වෙලාවකට මං දෙවියන්ට බනිනවා. තව වෙලාවකට මං දෙවියන්ට පිං දෙනවා. ඔන්න ඔන්න මට හිනා යනවා.... එයාලා පුදුමයි හරියට අම්බර වගේ... මගේ කාලගුණය වගේ චරිතය දිහා එයාලා මුකුත් නොකියා බලන් ඉන්නවා. හැබෙයි දෙවියන්ට බනින එක වැරදියි. මොකද මට වෙන දේවල් වලට එයාලා පලි නෑ. ඒකට පලි මගේ දෛවය...!

මීට අවුරුදු පහලොවකට කලින් දෛවය මාව රොබෝ කෙනෙක් කරා. ම්... මට ඒ වෙද්දිත් හැගීම් කියන්නේ මොනාද කියලත් ලොකුවට දැනුමක් තිබ්බේ නෑ. ඉතින් මං ලොකු වෙද්දි ඒ ගැන කොහෙත්ම දැනුමක් නෑ. මේක හොඳ කරගන්න මං පහුගිය කාලයක් වෙනකල් psychiatrists ලා තුන්දෙනෙක් මාරු කරා මොකද ඒ තුන් දෙනා කියන ඒවා අහන් හිටියම මට හැගීම් නැති එක මදිවට තව Bonus එකක් විදිහට පිස්සුත් හැදෙනවා.

ඉතින් මං දෙවියන්ටත් කෑගහලා මගේ තාත්තටත් කෑගහලා ඒ හැම දේම නතර කරලා ඉද්දි දෙවියෝ උඩ ඉදන් මගේ අතට තරුවක් විසික් කරා. වැඩේ කියන්නේ ඒ තරුව මං හොයන තරුවක් නෙමෙයි ඉතින් මං ඒක ආයේ දෙවියොන්ට පාස් කරන්න යද්දි එයාලා මට හොඳ හිල් වෙන්න ටොක්කකුත් ඇනලා ඔන්න ඕක තියාගනින් කිව්වා.

ඔන්න ඔහොමයි මගේ හිස් උන වතුර කලේ වගේ තිබ්බ දෛවෙට දෙයියෝ උඩ ඉදන් වතුර හලන්න ගත්තේ...

දෙවියෝ නරකම නෑ.. මට දැන් ඒ වතුර නැතුව ඉන්නත් බෑ...

ඉතින් භාගෙට ඇරලා තිබ්බ දොරෙන් මං දැක්කා අම්බර මට පිටිපස්ස හරවගෙන එයාගේ බෑග් එක හදනවා. ම්... අද එයාව discharge කරනවා. ඇත්තටම මම එයා නැතුව පුදුම පාලුවකින් හිටියේ. මං ආයේ එයාව කොහෙත්ම මගෙන් වෙන් කරලා තියන්නේ නෑ. මට මං කලින් කරපු දේවල් මතක් වෙද්දි මේ දොරේම ඔලුව ගහගන්න හිතෙනවා... ඒත් බෑ මට ඔලුව ගහගන්න දැන් වෙන හොඳ තැනක් හම්බුනා..

මං සද්ද නොකර දොරත් ඇරගෙන අම්බර ගාවට ගිහින් එයාගේ ඉන වටේට අත් යවලා අර මං කිව්ව හොඳම තැනට ඔලුව ගහගත්තා. එයාගේ පිට.

අපි පියවි ✓Where stories live. Discover now