10 වන පරිච්ඡේදය

1.2K 245 6
                                    



දන්නවද දැන් මට මගේම පපුවේ සද්දේ ඇහෙනවා. හරි අමුතුයි.. මට අම්බර music shop එක ඉස්සරහා කලින් මං දිහා හැරිලා බලන විදිහ දැන් හොඳට පේනන ගත්තා. අර ලයිට් බෝඩි එකේ පාට පාටින් පත්තුවෙන බල්බ් හැම එකක්ම බොද වෙන්න ගනිද්දි අම්බර පිටිපස්ස හැරිලා මං දිහා බලන් ඉන්නවා. හරි අමුතුයි තමයි. හරිම අමුතුයි. එයාව මොකද මට දැන් පේන්න ගත්තේ!

ඉතින් මං ඉක්මනට මගේ පපුවට තට්ටු කරගෙන ආයේ කොලේට ඇස් දෙක යැව්වා. මේක හරියන්නේ නෑ මට හිතෙන්නේ මං ඉක්මනට කෙල්ලෙක් හොයා ගන්න ඕනේ. මේ project එකේ වැඩ නිසා මට දැන් අම්බර ව... හයියෝ!! මොනාද අප්පා මම මේ හිතන්නේ! මටත් පිස්සු!! එයා.. එයා වහල් රජෙක්! හ්ම්!

මේ මොන එකද්ද මට වෙලා තියෙන්නේ! මං ඔය හිතන පිස්සු විකාර සේරම පැත්තකට දාලා ආපහු වැඩ කරන්න ගත්තා. පස්සේ හැමදාම වගේ මගේ design එකේ sketches වගයක් මගේ කොල වල අදින්න ගත්තා. ඒවා වලට ඔලුව සම්පූර්නයෙන්ම යැව්වම ඔරලෝසුවේ කට්ට යනවා තේරෙන්නේම නෑ.

ඒ සේරම ඉවර වෙලා මං පුටුවෙන් නැගිටිද්දි වෙලාව පාන්දර තුනයි ගානක්. වාව්! මං එච්චර වෙලා එක තැනක ඉදල ද? ආයේ ඉතින් හෙවිලි බැවිලි නෑ මං කෙලින්ම පැන්නා ඇදට. මං නිදි.

***

එක පාරටම හීනෙන් වගේ මට මගේම කටහඩ බෙරිහන්දෙනවා ඇහෙද්දි මං නිදි මතේම අත යවලා ෆෝන් එක ලගට ඇදලා ගත්තා. කමක් නෑ පැය පහක් නිදාගෙන නේ. මං ඇදෙන් නැගිට්ට නිකන් කුඹුරේ වැටිලා ඉන්න පඹයෙක් කෙලින් කරනවා වගේ.

උදේට මගේ ප්‍රථම රාජකාරිය Linkingduck ට කිරි එක හදලා දෙන එක. මගේ ළමයා. ගෙදරට මීයෙක් ආවත් මාත් එක්ක මගේ පැත්තට ඉන්න එකම හිතවතා. එහෙම බලද්දි මොන දේටත් ඉන්නේ මෙයා නේද කියලා මතක් වෙද්දි කිරි එක ලෙව කන Linkingduck ගාවට දෙකට තුනට නැමිලා මං ඌට උම්මා එකක් දෙන්න ගියා.

But never mind ඌ බොන කිරි එකෙන් බඩට යන්නැති ඉතුරු බාගේ ඒ වෙද්දි තිබ්බේ මගේ මූනේ! උම්මා දෙන පැත්තකින් තියලා මං උගේ ඔලුවට තට්ටුවක් දාන ගමන් ආයේ කෙලින් උනා. දැන් මේ කිරි ටික හෝදගනින්කෝ මුලින්ම.

අපි පියවි ✓Where stories live. Discover now