5 වන පරිච්ඡේදය

1.4K 264 22
                                    



"කිරුළ තමුසේ මාව කෑවා හරකෝ!!! ඔය කරේ!! හොඳටම කරා! ඇයි මිනිහෝ මට මෙහෙම කරේ!!! මං උබට කවදා හරි නපුරක් කරලා තියෙනවද යකෝ?? හරි මට ඔයාගේ ගොං ජෝක් වලට හිනා යන්නේ නෑ තමයි එහෙම කියලා..."

"සියුමෝ මං හිතලා නෙමෙයි බං එහෙම කරේ..."

"හිටපං මං අද උබව මස් කරනවා!! අරු ඇවිත් මාව වහල් සේවයට අරන් යන්න කලින් මෙන්න මෙහෙ වරෙන් යන්න!!"

"අනේ බං මට සමාවෙයං! මං අද ඉදන් violin එක ගහන්නේ නෑ අම්මපා!! අනේ මට මුකුත් කරන්න එපා!!"

මට මෙතනින් දැන් වාෂ්ප වෙන්න හිතිලා තියෙන වෙලාවේ මේ මනුස්සයා මගේ කකුලක් බදාගෙන අඩනවා.

"මට යන්න දෙනවා මනුස්සයෝ!!"

"අනේ සියු මට සමාවදියන් බං හයියෝ මං හිතලා නෙමෙයි කරේ~~"

"මගේ කකුල අත ඇරලා මට යන්න දීපං යකෝ!!"

මේ යකා හොටු පෙරාගෙන වැලහින්න වගේ නහයෙන් අඩන්න ගත්තා ඒ පාර. මෙහෙම බලන් හිටියොත් අර අම්බර මාව හොයන් එනවා ආයේ දෙකක් නෑ! ඒක නිසා මං අමාරුවෙන් හරි මූවත් ඇදගෙනම එතනින් යන්න දැගලුවා. ඒත් යන්නේ කොහොමද අප්පා කකුලේ මල පෙරේතයෙක් එල්ලිලා වගේ මේ යකා එල්ලා ඉද්දි! මගේ අනිත් කකුල ඉස්සරහට තියලා මේ පිස්සා එල්ලිලා ඉන්න කකුල ඉස්සරහට ඇද ඇද අඩි දෙකයි යන්න හම්බුනේ ඒ පාර තව මොකක් හරි මගුලක් මගේ ඇදුමේ එල්ලුනා.

"අත ඇරපන් බං!"

"කොහෙ යනවා කියල ද හිතන්නේ සියු?"

සියු!??

මට දැන් හරවන්න පුලුවන් දේකට කියල තිබ්බේ බෙල්ල විතරයි ඉතින් ඒක හරවලා බලද්දි තමයි සිහිවුනේ my time has come කියලා!

"මෙහෙ ඇති සියෙක් නෑ!!"

"ඉන්නවා"

අම්බර මගේ ටී-ෂර්ට් කරෙන් අල්ලන් හිටියේ හරියට මං නිකන් වේලපු කරෝල කෑල්ලක් කියලා හිතාගෙන වගේ!

"අත අරිනවා මාව!"

"බෑ"

අම්බර නවත්ත ගන්නවා ඔහෙගේ ඔය කට කොනින් දාන කැත හිනාව!

"මාව අත අරින්නයි කිව්වේ! මං කෑගහනවා! අනික මට සියූ කියාගෙන එන්නත් එපා!!"

අපි පියවි ✓Where stories live. Discover now