"සියූ.. ඔයා ආවද.."
"ම්..."
මං අම්බර ව තවත් තද කරලා බදා ගත්තා. නොපෙනුනත් මට එයා හිනාවෙනවා තේරුනා. පස්සේ එයා එයාගේ බද වටේට ගිහින් තියෙන මගේ අත් දෙක අල්ල ගත්තා.
"සියූ..."
"ම්..?"
මං හූමිටි තියන ගමන් අම්බර ගේ උරහිස උඩින් නිකට තියාගෙන එයා දිහා බැලුවේ මට මේ කරන දේවල් වල ආදරේ තේරේනකොට නතර කරගන්න බෑ..
"මට හරි අමුතුයි "
"ඈ?"
"ම්... ඔයා තනිකර වෙනම කෙනෙක් වෙලා.. මට ඒක හරිම අමුතුයි"
මං අම්බර ව එහෙන්මම මගේ පැත්තට හරව ගත්තා.
"ඉතින් ඔයා ඒකට කැමති නැද්ද? ඔයාට ඒක නෙමෙයි ද ඕන වුනේ..."
මං එයාගේ අත් දෙක තද කරගෙන අහද්දි එයාගේ මූනේ එන්න එන්න හිනාවක් ඇදුනා.
"ඒක තමයි මට ඕනේ.. ඕන වුනාට මට ඒක ඒ කාලේ ලැබුනේ නෑනේ.. ඒක නිසය-"
"එතකොට දැන් එපා?"
"පිස්සා! මොනාද මේ අහන්නේ?!"
අම්බර ඇස් දෙකත් රැලි කරන් එහෙම කියන ගමන් මාව එයා ගාවට ඇදලා අරන් බදා ගත්තා.
"දැන් නෙමෙයි මට මැරෙනකල්ම ඕනේ! මැරුනට පස්සෙත් ඕනේ! මොනා වෙනස් උනත් මගේ සියූ ගේ මෝඩකම නම් වෙනස් වෙලා නෑ!"
මාව මිරිකෙන්නම බදාගෙන හිටපු අම්මර අන්තිමට මගේ ඔලුවට හිමින් ටොක්කකුත් ඇන්නා.
මගේ සියූ.. හී.. මං ඒකට ආසයි!
"ම්... ඔයා තමා මෝඩ කතා කියලා මාව මෝඩයෙක් කරන්නේ! මේ ඒක නෙමෙයි"
මං එහෙම කියන ගමන් අමකබර ගෙන් අයින් වෙලා එයා දිහා බැලුවා.
"අද අක්කා එන්නේ නෑ.."
"ඇයි?"
"මං ඔයාව මගේ ගාවට ගන්නවා"
හරි එයාට පුදුමයි හස්ත ඇත්ත එහෙම වෙන්න ඕනේ.
"ඔහොම බලන්න එපා.. ඔයා මේ සියූ ගැන හරියට දන්නේ නෑ! මං සාමාන්‍යයෙන් මට අයිති දේවල් තැන් තැන් වල දාලා වැඩි කල් පිට ඉන්න කෙනෙක් නෙමෙයි"
![](https://img.wattpad.com/cover/345309728-288-k910715.jpg)
YOU ARE READING
අපි පියවි ✓
Non-Fiction(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.
31 වන පරිච්ඡේදය
Start from the beginning