29 වන පරිච්ඡේදය

Începe de la început
                                    

"ඔ.. ඔයා කොහොමද හිතක් හ.. හදාගෙන මට එහෙම කියන්නේ දෙවියනේ!!"

මං මට ඇති වෙනකල් අඩනවා..

"මොකද මං ඔයාට ආදරෙයි සියූ.. ආදරේට කරන්න බැරි දෙයක් නෑ..."

මට තවත් ඇඩුනා. එයා ආදරේ කරේ මං වගේ හිතක් පපුවක් නැති කෙනෙක්ට.. හැගිමක් දැනීමක් නැති මනුස්සයෙක්ට.. ඒ වුනත් මං අඩද්දි එයා අමාරු ගානේ හරි මගේ ඔලුව අතගාන කොට මට මේවා දරාගන්න බෑ..

"අනේ මට ස.. සමාවෙන්න දෙවියනේ.. මං තරම් එපා කරපු කෙනෙක් තවත් නැතුව ඇති-"

"සියූ..."

මං අඩ අඩ ඉද්දි අම්බර ගේ අක්කා ඇවිත් මගේ පිට අත ගාලා කතා කරනකොට මං කදුලු පිහින ගමන් ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"ඔයාට පොඩ්ඩක් මාත් එක්ක එන්න පුලුවන් ද?"

"හ. හරි අක්කා"

කරන්න දෙයක් නෑ මට ඉකි ගැහෙනවා.. ඉතින් මං ඒ කිව්වාම එයා මට එන්න කියලා වෝඩ් එකෙන් එලියට ගියා.

"මං ඉක්මනට එන්නම් හරිද.. ඉන්න..."

අන්තිමට මං අම්බර ගේ කන්මුලක් හිමීට අතගාන ගමන් මගේ තොල් වලින් එයාගේ නලල අල්ල ගත්තා.. මේක හරිම අමුතු හැගීමක් කිව්ව කාලේ දැන් ඉවරයි සියුම්.. ආදරේ කියන්නේ අමුතු දෙයක් තමයි.. ඒක මිනිස්සුන්ට දෙන්නේ හිතා ගන්න බැරි දේවල් ඉතින් මට දැනුනා අම්බර මගේ අතක් අල්ලගෙන තද කරගන්නවා.. ඔව් එයාට මේක විශ්වාස කර ගන්න බැරුව ඇති..

ඉතින් මං අම්බර එක්ක කදුලුත් එක්ක හිනා වුනා..

දන්නවද ඒ තමයි මම හිත ඇතුලෙන්ම හිනා වුන පළවෙනි පාර. මගේ ඒ හිනාව දැක්කම එයාගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තේ හරියට තරුකැට වගේ.. ඒවා දිහා බලන් ඉන්න ආසයි.. මං එයාගේ අල්ලන් ඉන්න අතේ පිට අල්ල උඩ මගේ මහපොට ඇගිල්ල යවන ගමන් අම්බර දිහා බලාගෙන කදුලුත් එක්ක ආයේ හිනා වුනේ මට කොච්චර ඒ කරත් මදි වගේ දැනෙන නිසා..

"මං ඉක්මනට එන්නම්.."

අක්කා බලන් ඇති. ඒක නිසාම මම අකමැත්තෙන් වුනත් එතනින් නැගිටලා ආවා.

කොහොම හරි වෝඩ් එකෙන් එලියට ගිය ගමන් නිල් උන මූනකුත් තියාගෙන කලින් හිටිය වගේම අතකුත් එල්ලගෙන හසිතක පුටුවක ඉදගෙන ඉන්නවා. එයාගේ එක පැත්තක පොලිස් කාරයෙකුත් හිටගෙන හිටියේ ඌව දැක්කත් හරි මෙච්චර වෙලා අම්බර ගාවට වෙලා නිවා ගත්ත මගේ ලේ ටික ආයේ පිච්චෙන්න ගත්තා. ඉතින් මං ෂර්ට් එකේ අත් දෙකත් නවාගෙන ඒ පැත්තට යද්දි මං දැක්කා හසිතක යාන්තමට වගේ ගැස්සෙනවා.

අපි පියවි ✓Unde poveștirile trăiesc. Descoperă acum