27 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"Hello!! Hello සියූ??! ඔයා ගත්තද?? අනේ කතා කරන්නකෝ ළමයෝ.."

අම්බර ගේ පුදුම වෙලා තිබ්බ කටහඩ වෙව්ලනවා. එයා අඩනවද..?

"ම්..."

"අනේ මගේ රත්තරන්.. එක සැරයක් මට ආදරෙයි කියන්න..please.. Please සියූ.. please.."

මෙච්චර වෙලා හිර වෙලා තියෙන පපුව දැන් දැන් පැත්තකින් රිදීගෙන එනවා තේරීගෙන එනසතැන මං පපුල අල්ලන් ඇදේ ගුලි වුනා..

"අනේ සියූ..?? ඔයා ඉන්නවා නේද?? hello??"

"ඔයා කොහෙද ඉන්නේ අම්බර.. ඇයි මේ?"

"අනේ දැන් මාව පන පිටින් මරනවා වගේ සියූ... දන්නවද ඔයා ඇවිත් මාව දැන් මැරුවත් සැපයි දෙවියනේ.."

"අම්බර!"

"මට පිස්සු හැදෙන කරමට දුකයි සියූ.. මම දැන් පිස්සෙක්.. ඔයා නැතුව විකාරෙන් කෑගහන පිස්සෙක්!"

"ඇයි මෙහෙම..."

"ඔයා දන්නවද මගේ සියුම්.. මට අද තරම් දුක දැනුන දවසක් තවත් නැතුව ඇති ... මං.. මං මගේ අහස් ව නැති කරලා දැම්මා... සියූ... මං එයාව මැරුවා...මං මගේ සියුම් ට රිද්දුවා දෙවියනේ.. එයාව.. "

මොකක්??? අහස් ට මොකක් කරා??

"අම්බර ඔයාට පිස්සු ද!!!! මොකද්ද ඔයා කරේ!! තමුසෙට පිස්සුද!!! කතා කරනවා මනුස්සයෝ!!"

මං කෑගැහුවට ඒ පැත්තෙන් ආපු සද්දේ එක පාරටම නතර වුනා.

"hello? අම්බර???"

phone එකේ screen එක බැලුවම call එක කට් වෙලා. දැන් මං කලබලයි! ගූලි වෙලා හිටියා නම් මගේ දැන් මහන්සිය කැලේ.. මං ආයේ දහපාරක් විතර ගත්තත් ඒ calls එකක්වත් ring කරේ නෑ. මොකද්ද උනේ?? දෙවියනේ එයාට කරදරයක්වත් ද??? මට දැන් එයාව හොයන් යන්න ඕනේ!! ඒත් ඉන්න තැනක් මං දන්නේ නෑ!! අනේ මට දැන් පිස්සු වගේ!! කොහෙද ඉන්නේ??? අඩ ගානේ..!! ආහ්!!!!!

අම්බර ඔයා ඔයාගේ violin එකට මොකද්ද කරේ!!! මනුස්සයෝ!! මාව පිස්සෙක් කරන්නද ඕනේ??!!

මං අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගෙන මං ඇදේ ගුලි උනා. මගේ ඔලුව රිදෙනවා!! ගලවලා විසික් කරන තරමටම රිදෙනවා!! මේ සති දෙකට මගේ ඔලුව නොරිදි තිබුනේ නිදාගන්න ටිකට විතරයි!! දැන් ඒක ඒකේ අන්තෙමට ඇවිත් තියෙන්නේ!!!

අපි පියවි ✓Where stories live. Discover now