ඒත්.. ඒ ටික වෙලාවට එයාගේ මූනේ හැගීම් වෙනස් වෙන විදිහ මං බලන් හිටියේ ගොලු කසාය බීලා වගේ.
"ඔයාට උණ නෑ.."
ඉවසන් ඉන්න බැරිම තැන මං එහෙම කියලා මගේ අත එයාගෙන් ඇද්දත් එයා මගේ අතට යන්න දුන්නේ නෑ. ඒ වෙනුවට එයා කරේ මගේ අත එයාගේ කන්මුලට තව තද කරගෙන ඇස් දෙක පියා ගත්ත එක විතරයි.
"අම්බර.."
"මට මෙහෙම ඉන්න දෙන්න.."
"ඇයි?"
"ඔයාගේ අත රස්නෙයි සියූ.. මං ඒකට කැමතියි"
මට මුකුත් කියන්න කිසිම දෙයක් කටට ආවේ නෑ. මොකද එයාගේ ඒ වචන ටිකයි.. ඒ වචන ටික කියපු විදිහයි මාව ආයෙත් ගොලුවෙක් කරා. අනේ මට ඔහොම කරන එක නවත්තන්න අම්බර.. ඔයා නිසා මට දැන් පිස්සු හැදෙන්න යන්නේ.. මට අර දැනෙන මහ අමුතූ හැගීම ඒක මාව පිස්සෙක් කරන්න යන්නේ..
"ම්... යමු කන්න.. මට බඩගිනි මෙහෙ සීතලට ඉක්මනට බඩගිනි හැදෙනවා"
අන්තිමේදි එයා මගේ අතට යන්න දුන්න එකෙන් මට දැනුනේ මාව උණු වෙවී ඉඳලා එක පාරටම වතුර පාරක් ගැහුවා වගේ.
ඇත්තටම සීතලයි තමයි. මට ඒක හොඳටම තේරුනේ අපි හිටපු කාමරෙන් එලියට ආපුවම. දැන් නම් ටිකක් හවස් වෙලා. ආ! මට කියන්න බැරි උන්නේ! දන්නවද මෙහෙ මාරම ලස්සනයි!! පුදුම තරම් ලස්සනයි! මේ hotel එක තියෙන්නේ කන්දක් මුදුනට වෙන්න වගේ. ඉතින් එලියට ඇවිත් බැලුවම ඈත පෙනෙද්දි නිකන් දිව්‍යලෝකේ දැක්කා වගේ. කන්ද පහල ගම ඒ ගමට යනකල් වංගු තියෙන පාරවල් දෙපැත්තේ තියෙන එක එක විදිහේ ගෙවල්.. ඒවා දැක්කම මට චිත්‍ර කතා මතක් වෙනවා. පුදුම ලස්සනයි! මට ඇවිදින්න යන්න හිතෙනවා.
"අනේ මට ටිකක් ඇවිදලා එන්න පුලුවන් ද?"
නැත්තන් බෑනේ ලොක්කගෙන් අවසර ගන්න එපැයි! ඒ නිසා මට තියෙන අහිංසකම මූන දාලා මං අම්බරගෙන් ඇහුවා.
"බෑ!"
හෑ~~~?!! නපුරා!!
"ඇයි??"
"තව ටිකකින් රෑ වෙනවා"
"අනේ~~~"
"නෑ!"
"මොකද්ද අප්පා! නපුරු වහල් රජා!"
මං එහෙම කියද්දි අම්බර මං දිහාවට හිස් බැල්මක් මං කිව්වේ! මට ඔරවන්නේ නෑ..
![](https://img.wattpad.com/cover/345309728-288-k910715.jpg)
YOU ARE READING
අපි පියවි ✓
Non-Fiction(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.
20 වන පරිච්ඡේදය
Start from the beginning