16 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

ඒත් එයා,

"හිත නැති උනත් ඔලුව නිදහසේ තියාගන්න සියූ.. මට ඔයා ගැන ඉරිසියයි.."

මොකක් ඉරිසියයි?? මං ගැන?? මේ අම්බර වගේ කෙනෙක්ට?? මං ඒ ඇයි කියලා අහන්න මූන හදාගෙන ආයේ එයා දිහා බලද්දි,

"මොකද මට නිදහසේ තියාගන්න බැරි දේ ඔයා කිසි ප්‍රශ්නයක් නැතුව තියන් ඉන්න නිසා.."

එයා උත්තරේ දුන්නා. අම්බර පුදුමයි.. Musicians ලට මිනිස්සුන්ගේ හිත් කියවන්න පුලුවන්ද..? ඒත් එයා ඒ කියන ගමන් මගේ ඔලුවෙන් අත අරගෙන කාමරේ දොර ගාවට ගියා. එයා යන්නද හදන්නේ?

"මොකද්ද ඒ?"

මට ඇත්තටම ඒක දැන ගන්න ඕනේ! මට.. මට පුලුවන් එයාට බැරි එක මොකද්ද? මගේ ප්‍රශ්නෙට පස්සේ අම්බර දොර ගාව නතර වෙලා මං දිහා බැලුවා. එයාගේ මූන...

"හිත..."

ඒ කියලා දොර වන්නෙත් නැතුව එලියට ගියේ එයා ආයේ එනවද? එයා කියපු දේ ගැන හිතද්දි ඇත්ත මං ඒක පිලිගන්නවා මගේ හිත කියන්නේ පුදුම තරම් නිදහසේ තියෙන දෙයක්. ලෝකේ තියන නිදහස්ම දේ මොකද්ද කියලා ඇහුවොත් මට ඒ මගේ හිත කියලා කියන්න පුලුවුවන්.

ඒත්... මේ ලගදි ඉදන් මගේ හිතට අර කලින් කිව්ව නිදහස නැති වීගෙන යනවා කියලා එයා දන්නේ නැද්ද කොහෙද.. අම්බර ලොකු දෙයක් මට කරා. මං දන්නේ නෑ ඒ මොකද්ද කියන්න හැබෙයි එයා මොකක් හරි කරා.

හ්ම්.. මොකක් හරි! මං ආපහු මේසේ පැත්තට හැරිලා පැන්සල අතට ගත්තා. ඇත්තටම මගේ හිතේ තියෙන පාට මොකද්ද? මට හිතා ගන්න බෑ.. කරන්න දෙයක් නෑ ම්බර මං රතුම දානවා.

ඒ ලියන ගමන් ඉද්දි අම්බර ආයේ මගේ room එක ඇතුලට ආවා හැබෙයි එයා මේ පාර ආවේ තනියම නෙමෙයි.. එයා එක්ක තව කෙනෙක් හිටියා. එයාගේ violin එක.

මං ඔක්කොම වැඩේ පැත්තකින් දාලා ඒ පැත්තට හැරුනේ මට ආසාවක් ආවා.. අනේ මං request එකක් දෙන්නම්? අනේ Canon in D....

"ඔයා වැඩ කරන්න.. කරන ගමන් අහන් ඉන්න.."

මොනා වත් කියන්න කලින් අම්බර එහෙම කියන ගමන් අතේ තිබ්බ violin එක නිකට ලගට අරන් ඒක tune කරන්න ගත්තා. එයාගේ කන! ඒක tuner එකක් ද? හැබෙයි එහෙම නොවුනා නම් තමයි ඉතින් පුදුම වෙන්න ඕනේ! මේ ඉන්නේ අම්බර වේරලියද්ද.

අපි පියවි ✓Where stories live. Discover now