13 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"මේ ඔයාගේ ගෙදර ද?"

මං bike එකෙන් බැහැලා helmet එක ගලවලා අම්බර ට දෙද්දි එයා මගේ ගෙදර දිහා බලාගෙන ඇහුවේ.

"ඔව්"

"කවුද ගෙදර ඉන්නේ?"

"කවුරුත් නෑ... මා යි මගේ පූසයි"

Violin case එකත් ගලවලා අම්මර ට දෙද්දි එයා ඒක එයාගේ උරහිසේ එල්ල ගත්තා.

"ම්..."

එයා ගේ ඇස් තිබ්බේ මගේ මූන උඩ. මොකද බලන්නේ??

"මං යනවා.. වහල් රජා එහෙනම් හිමින් යන්න.."

"මොකද්ද කිව්වේ?"

"මගේ අති උත්තම සර්ව බලධාරී දේවයන් වහන්ස පරිස්සමින් මාලිගාවට යන්ඩ!"

දෙකට තුනට නැමිලා මං එහෙම කිව්වම

"ආ!!"

මේ යකා මට ටොක්කක් ඇන්නා!!! ඒයි! කාගේ අයිතියෙන් ද මට ටොකු අනින්නේ !?? ඕවා කරන්න පුලුවන් කියලා අර දන්ඩ නීතියේ තිබ්බේ නෑ!!

"ඒක රිදුනා!! මොන නීතියෙද කීවෙනි අංකේද කියන්න මට ඔහොම ටොකු අනින්න පුලුවන් කියලා තියෙන්නේ???"

මං කියවගෙන කියවගෙන යද්දි අම්බර එයා මගේ ටොක්ක ඇනපු තැන මෙන්නඅත ගාන්න ගත්තා... මොකද්ද ඔය කරන්නේ..??? නවත්තන්න!!

"එහෙම නීතියක් නෑ තමයි..."

මොනවා නැතත් ඇනපට පාරට එයාටම දුක හිතුන කොහෙද.. එහෙම කියලා එයා bike එක පාරේ හරවගත්තා.

"හෙට උදේට practice room එකට එන්න සියූ... මං යනවා පරිස්සමෙන් ඉන්න... "

Bike එකේ සද්දේ පැරදෙන්න අම්බර එයාගේ සද්දේ වැඩි කරලා කියලා එහෙන්මම යන්න ගියා. ගෙදර ඇතුලට යන්න ඕනේ හැබෙයි ඒ හැමදේටමත් කලින් අම්බර යන දිහා බලන් ඉද්දි එයා මගේ ඔලුව අත ගාපු තැනට මගේ අත නිකන්ම ගියා. මොන මගුලක් මං මේ කරන්නේ?!! මට පිස්සු හැදීගෙන එනවද කොහෙද!!

මං ආවා එන්න. මේ මාස දෙක මෙයා ආපු Speed එකට වඩා හයියෙන් යනවා නම් මං බොහොම කැමතියි!

ඉතින් ගෙදරට ගියපු ගමන් මගේ Linkingduck ගේ ඕපදූප ටික ඇහුවා. පස්සේ එයාට කන්න දීලා මං ගියා wash එකක් දාගන්න. එතකොට තමයි දැක්කේ අර sticker එක තාම මගේ මූනේ තියනවා කියලා!!! මේ අම්බර ට මාව මොකක් වගේ ද දන්නෑ පේන්නේ!!

අපි පියවි ✓Where stories live. Discover now