10 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

හරි හරි මූන නෙමෙයි මුලු සරුවාංගෙම හෝදගෙන ඇදුමක් දාන් ගන්න ඕන හැම දේම අරන් එලියට බැස්සා. මේ වහල්කමක් හින්දා මට දැන් උදේට කාලා එන්නත් නෑ! කෑවා වගේ නෙමෙයි හැබෙයි පස්සේ අර මනුස්සයගෙන් punishment කන්න ගියාම.

හුම්~~~~ සුපුරුදු පරිදි මං uni එකේ ඉස්සරහ තියෙන bus halt එකෙන් බැහැලා uni ඇතුලට ඇවිදගෙන ගියා. ඒ යන ගමන් දන්න දන්න අය මට අත වනාගෙන යද්දි ඒ වෙලාවට හිනා වෙන්න ඕන නිසා මං එයාලට හිතලම හිනා උනා. කෝමහරි අන්තිම පාරට කෙල්ලෙක්ට අත වනනකොට මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. අපෝ වදේ මං දන්නවා කවුද කියලා! ඔය දිලිසෙන්නේ වහල් රජා රන් නාමය!

"Hello"

"Good morning සියූ"

"Good morning!"

වහල් රජා!

"කෝ හිනාව?"

මොකක්?? දැන් මට ෆෝන් එකෙන් ඔලුව දාලා හිනා වෙන්නද කියන්නේ!?

"හිනා වුනා ඔයාට පේන්නේ නෑ!"

පචයක් ඉතින් මට පිස්සු ඈ නිකන් හිනාවෙන්න!

"බොරු කියන්න එපා.. ඔයා හිනා වුනේ නෑ"

මං කෝකටත් ෆෝන් එක කනේ තියන් 360ටටම කැරකුනා. පඳුරක් අස්සෙවත් ඉදගෙන බලන් ඉන්නවද දන්නෑනේ!! පේන්න නෑ හැබෙයි..

"දැන් මං හිනා වුනත් ඔයාට පේනවද අනේ! ඇයි call කරේ?!"

"ම්... එහෙනම් ආවම මට හිනා වෙලා good morning කියන්න..."

හනේ~~~~

"දැන් අහගන්න.. මං දන්නවා දැන් ඔයා ඉන්නේ uni එකේ කියලා. එද්දි මටත් එක්ක cafe එකෙන් donuts දෙකක් අරන් එන්න මං ආවම ගෙවන්නම්... ඉක්මනට එන්න"

ඔන්න පටන් ගත්තා පාන්දරින්ම මාව කඩේ යවන්න!!

"ආ... එද්දි මට coffee එකකුත් මතක් කරලා ගේන්න.. "

"හරි වදේ!"

"මොකද්ද කිව්වේ?"

"න්.. හරි උතුමානෙනි! මං තියනවා!"

මේක නම්..!! දැන් මට 'මේක නම්' කියන එක describe කරන්න වචනත් නෑ! ඒ තරමට මං හෝඩියම පාවිච්චි කරන්න ඇති මේ අම්බර ගේ ගුන වර්ණනා කරන්න!

මොනා කරන්නද ඉතින් මං ගියා cafeteria එක පැත්තට. යද්දි ආන් ඉන්නවා බූරු පුතානෝ බෙන්ච් එකක ඉදගෙන!

අපි පියවි ✓Where stories live. Discover now