පූර්විකාව

Comincia dall'inizio
                                    

ඇත්ත! මට ඇත්තට හිනා වෙන්න බෑ! මට ඇත්තට අඩන්න බෑ! මට ඇත්තට පුදුම වෙන්න බෑ! ඇත්තට සතුටු වෙන්න, දුක් වෙන්න, ලැජ්ජ වෙන්න, ආඩම්බර වෙන්න, විනෝද වෙන්න, ඉරිසියා කරන්න, ආදරේ කරන්න අඩුගානේ ඇත්තට බය වෙන්නවත් මට බෑ! හරියටම කිව්වොත් මට ඔය උඩ කිව්ව කිසිම හැගීමක් ඇත්තටම දැනෙන්නේ නෑ..

මං මිනිස්සු එක්ක හිනා වෙනවා තමයි, මම බොරුවට හරි ඒ අයට ඔරවනවා තමයි ඒත් ඒ මං කරන්නේ ඒ තැනට එහෙම කරන්න ඕනේ නිසයි. ඒත් එහෙම කරා කියලා මං ජීවිතේටවත් මට අවුරුදු නමයෙන් පස්සේ මොනම දෙයක් නිසාවත් තාම අඬලා නෑ. මේ ඇස් වලින් කදුලු කියන දේ ගලන් ආවනම් ඒ ආවේ ඇහැට රොඩ්ඩක් ගියපු වෙලාවක විතරයි.

කෙටියෙන්ම කිව්වොත් මගේ හිත ඇතුල නිකන් වතුර බිංදුවක් නැති හිස් කල ගෙඩියක් වගේ. ඒ නිසා මාව කෙනෙක්ට රිද්දන්න බෑ, මාව අඩවන්න බෑ.. එහෙම වාසි ගොඩක් තියෙනවා ඒත්..

ඒ වාසි අස්සෙන් මගේ ජිවිතේට අවාසියක් වෙන ලොකුම දේ හැංගිලා කලුවරේ රාස්සයෙක් වගේ හැංගිලා.. ඒ තමයි කේන්තිය, තරහාව, වෛරය.. අර මං උඩ කිව්ව කිසි දෙයක් මට දැනෙන්නේ නෑ තමයි ඒත් ඒ ඔක්කොටම හරියන්න මට තරහයි කේන්තියයි මදි නොකියන්න එනවා. මොකද මට කිසිම දෙයක් එලියට දාගන්න බැරි උන තැන මට කරන්න පුලුවන් එකම දේ තරහා ගන්න විතරයි. මට හිටු කියලා මල පනිනවා.

ඒත් මං කියලා මොනා කරන්නද?

මේ කිසි දෙයක් මගේ ඕන කමින් උන දේවල් ද? නෑනේ... මම කවදාවත් මගේ අම්මාට මං නිසා එයාගේ ජිවිතේ අනතුරක දාගන්න කියලා තියෙනවද... මට තාම මතකයි.. එයා.. එයාගේ ඇස් දෙක ඇරිලා තිබ්බේ මගේ පැත්ත බලාගෙන.. ඕනේ නෑ! ඒවා මතක් කරන්න ඕනේ නෑ!! මට මෙහෙම වෙන්න හේතු වෙච්ච දේ මතක් කර කර හිටියා කියලා ඇති වැඩේ මොකද්ද?? ඒකෙන් මට හරියනවද?! නෑනේ...

Alexithymia...

ඒ ගෑනු ළමයගේ නම ලස්සනයි නේ? ලස්සනයි මගේ පස්ස තමයි! ඒ ගෑනු ළමයෙක් නෙමෙයි.. ඒ තමයි මට වෙලා තියෙන දේට කියන නම! මට තියෙන්නේ Alexithymia කියන mental illness එක. මට පිස්සා කියන්න ලෑස්ති වෙන්න එපා! මට පිස්සු නෑ... මට තියෙන්නේ... එකම දෙයයි... මට කිසිම හැගීමක් දැන්නේ නෑ...

ඒක මේ ලෝකෙ කාට හොඳ කරන්න පුළුවන් වෙයි ද කියන්න මං දන්නේ නෑ... ඒත් මේ අවුරුදු ගානට මං හම්බවෙන්න ගියපු කිසිම psychiatrist කෙනෙක්ට මගේ කිසිම improvement එකක් තාම ගන්න බැරි උනා..

මටත් හිනාවෙන්න ඕනේ.. මටත් ආදරේ කරන්න ඕනේ.. මටත් අඩලා බලන්න ඕනේ... ඒවා දැනෙන්නේ කොහොමද මට ඇත්තටම එහෙම කරලා බලන්න ඕනේ.. අනේ මට ඒවා කොහොමද කියලා බලන්න ඕනේ..

ඒත් කවදද? කොහොමද? කවුරු නිසාද? මට කවදා මේ හිස් කාමරෙන් එලියට එන්න හම්බවෙයි ද? මං එහෙම හිතන ගමන් අහස දිහා බැලුවා. මොකද්ද අහසෙලුනේ දෙවියෝ ඉන්නවා කියන්නේ. ඉතින් මං අහස දිහා බලාගෙන අරින්න පුලුවන් තරමක් කට ඇරලා මට දැන් වැඩියෙන්ම ඕන කරන දේ ඉල්ලලා කෑගැහුවා.

"අනේ දෙවියනේ මට හොඳ psychiatrist කෙනෙක් හොයලා දෙන්නකෝ..."




***

අපි පියවි ✓Dove le storie prendono vita. Scoprilo ora