පූර්විකාව

4.3K 385 11
                                    





කෝ මේ දොර?? අහ්... අර තියෙන්නේ!!

මං ඉක්මනට ගිහින් දොරත් ඇරගෙන එලියට දුවන් ඇවිත් මට ඇති තරම් oxygen උරාගත්තේ හරියට සති ගානක් වතුර නැතුව කාන්තාරෙක අතරමං උන මනුස්සයෙක්ට අන්තිමේදි වතුර බොන්න හම්බුනා වගේ වේගෙන්. දැන් අව්වයි. ඒත් මං අව්වට බම්බු ගහගන්න කියලා ඔලුවත් උඩට උස්සන් කටෙනුයි නහයෙනුයි දෙකෙන්ම මාරුවෙන් මාරුවට හුස්ම ගත්තා. එහෙම කරලා විනාඩි ගානක් යද්දි මාව ආයේ මෙතනට එන්න කලින් හිටපු තත්වෙට ගෙන්න ගන්න පුලුවන් උනා. පස්සේ මම ටික ටික හුස්ම ගන්න වේගේ අඩුකරලා වටපිට බල බල ඉදගන්න තැනක් හෙව්වා. මට මතකයි මේ අහල පහල ඉදගන්න තැනක් තිබ්බා. ආ අර තියෙන්නේ! මගේ ඔලුව පිස්සු නැටුවට මගේ මතකය තාම හොඳට වැඩ!

ඉතින් මං ඉනට තියාගත්ත අත් දෙක එහෙන්ම තියාගෙන ටිකක් දුරින් තියෙන් ගහ ගාව තිබ්බ bench එක ලගට ඇවිදන් ගිහින් එකේ ඉද ගත්තා. කකුල් දෙක උඩින් අත් දෙක තියාගත්ත මං කල්පනා කරන්න ගත්තේ මොකද්ද මට මේ උනේ කියලා.

මට හිනා ගියා..

මොකද අඩු ගානේ එහෙම හිතන්න හරි මට හිතෙනවනේ. ඒත් වැඩි වෙලා යන්න කලින් මගේ ඔලුව ආයේ පිස්සු කරන්න ගත්තා. ඉතින් බැරිම තැන මං අත් දෙකෙන්ම මගේ ඔලුව අවුල් කරගත්තා. දැන් ඔලුව විතරක් නෙමෙයි මගේ කොන්ඩෙත් අවුල්!

මට මේ වැඩේ දැන් ඇති වෙලා තියෙන්නේ!!

මං කොච්චර කිව්වත් මට මේ මගුලට එන්න බෑ කියලා මගේ තාත්තා හැම ඉරිදම මාව බලෙන්ම ගෙනත් මෙතනින් බස්සනවා. මං දන්නවා... එයා එහෙම කරන්නේ මගේම හොඳට මගේම යහපතට... එත්! මට තවත් නම් මෙතනට එන්න බෑ දෙවියනේ!!

මට මගේ හැගීම් දැනීම් වලට නමක් දෙන්න බෑ තමයි! එහෙමයි කියලා මට දැන් ඉතුරු වෙලා තියෙන ඔලුවයි තනකොල ගහක අග එල්ලි එල්ලි තියෙන වතුර බිංදුව වගේ තියෙන මගේ මානසික නිදහසයි මට නැති කර ගන්න කිසිම ඕන කමක් නෑ!! මොකද මෙතන ඉන්න psychiatrist කියවන කිසි දෙයක් මට අහන් ඉන්න කිසිම ඕන කමක් නෑ! එක්කෝ එයාට පිස්සු නැත්තන් මට පිස්සු!! නෑ නෑ නෑ~~ මට පිස්සු නෑ!!! හැගීම් දැනීම් නෑ කියලා මනුස්සයෙක්ට පිස්සු කියන්න බෑ!

අපි පියවි ✓Where stories live. Discover now