98 වන කොටස..

2.4K 644 299
                                    

මගෙ කොල්ලා....උඹට කවදාවත් වරදින්නෙ නෑ.......

...ඒ තාත්තගෙ අම්මගෙ වචන ...අනේ මගෙ  තාත්තා උන්නෙ මජන් ඇදුම පිටින් වෙනකොට සුදු ඇදුම ජරා වෙයි කියන බයට මම වදිනකොට එයා අහකට උනා.....

ඒත් මම නෙවෙ ගනන් ගත්තෙ....අම්මගෙ ගාවින් එන දුම් ගද....තාත්තා ගාවින් එන ග්‍රීස් ගද නැති උනා නම්.......අවුරුදු දහයක්.....ඔව්....අවුරුදු දයක් මම බඩ පිරෙන්න කෑවෙ කොහොමද ......

විලිවැහෙන්න ඇන්දෙ කොහොමද .......

කොච්චර උනත්.....ඇස්වලට කදුලක් නොදුන්න දෙමව්පියො දෙන්නා........

මම අම්මව තාත්තව ඉඹගත්තා........

මගෙ හැම වැදගත් දවසකම මගෙ අම්මා තාත්තා ඉන්න ඕනා........
.

හරිද.......

මම ඔලුව වැනුවා....ලගට ආව බාප්පා මගෙ කොලර් එක ආයම හදලා හරිද අහනකොට මම ඔලුව වනලා බාප්පා පස්සෙන් ආවා..........

නැගු නැගු..........

න්න්...නගි...නවා....න්..නේන්නම්..අ..අනෙ......

පරිස්සමින් නැගු ආ..වන්ඩිය තාම අලුත්.....

අම්මයි තාත්තයි කට පුරාවටම පරිස්සමින් ගිහින් එන්න කියනකොට බාප්පා විතරක් එයාගෙ යකඩ කද පරිස්සම් කරන් නගින්න කිව්වා........මාසයක් වත් නෑ...බාප්පත් ජීප් එකක් ගත්තා....තිබුන කාර් එක බොරු කෝටියක් විතර කියලා මායන් හැට හුටාමාරක් දාල ගෑනු පරානෙකට දීලා දාපු බාප්පා ජීප් එකක් ගත්තා ....ඒකත් කලු....හරියටම මගෙ සංධීර්ගෙ එක වගේම.....හරියටම රොබිනගෙ එක වගේම..........ඇත්තටම කලු පාට ජීප් තුන එක ගාව තියනකොට එතන වෙනම ගැම්මක් තිබුනා...........

බ්බ්...බාප්පෙ.....

ම්ම්ම්......

ස්...සංධීර්ව ....බ්...බලන්න.....බ්බ්...බැරිවෙයිද.....ක්..කියලා....අ..අහන්නකො......
රොබිනගෙන්

.යෝ.........හ්..උඹට දැන් ගියමාසෙත් ඌව බලන්න දුන්නා නේද...?ඔච්චරම මතක් වෙනවා නම් ඒකගෙ අර අපාය පොඩ්ඩක් සුද්ද කරපන්....මමම කරන්න ඔන් නෑනෙ.....

මම බාප්පා දිහා බැලුවා.........මට මගෙ සංධීර්ව බලන්න ඕනා උනා.........ඒත්බාප්ප කියනවා ගිය මාසෙත් බැලුවා නේද කියලා .....හුස්මක තරම් ළඟින් උන්න මනුස්සයෙක් ඈත් වෙනකොට ......කූඩු කරලා තියනවා කියලා මතක් වෙනකොට මට මාස දෙක තුනකට පාරක්.....විනාඩි ගානක් එයාව බලන්න දුන්නට...ඒ විනාඩි ගාන ඇතිද දෙවියනේ.......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now