13 වන කොටස..

3.5K 840 540
                                    

නලුවා   .....

අනෙ නලුවා නැකිටලා ....එයා කෑ ගහනවා එක්කම මම ඇද දිගේ බඩගාගන ගිහින් එයාගෙ අත් අස්සෙ හැංගුනා ...අනේ මාව බේර ගන්න කියලා කටින් කියාගන්න බැරි උනත් මගෙ ඇස්වල කදුලු එයාගෙ මූන අමූතු කරනකොට එයා මාව පැත්තකින් තියලා නැගිටින්න හැදුවා ....එත් මම නෙවෙ එයාට ඉඩක් දුන්නෙ....

කිකිලි අම්මෙක්ගෙ තටු අස්සට  රිංගන පුංචි පැටියෙක් වගෙ මං එයාගෙ අස්සෙ හැංගුනා ....ඒත්....නලුවා නෙවෙ ඒවා හිතුවෙ ....එයා අඩන මාව පැත්තකින්  තියලා මූන කොරහක් උන ආච්චම්මා දිහා බැලුවා  ..

නෙහාන්ගෙ අම්මා නේ....දරුවො තුන් දෙනෙක් වදලත් දන්නෙ නැද්ද තුවාලයක් ආවම මහ උන්ට වඩා පුංචි උන්ට වේදනාවයි කියලා ........

එක්ස්කියුස් මී...යු ආ මිස්ටර් ......? මිස්ටර් ඔයා නෙහාන්ගෙ කව්ද කියන්න දන්නෙ නෑ    ඒත් ඇයි ඔයා ඔය විදිහට ආන්ටිට බනින්නෙ....අනික...එයාට කවන්නෙ පොවන්නෙ නැතිව කොහොමද .....

අනේද කියන්නෙ. ...මේ කොල්ලට කට ටිකක් අරින්න බැරිද?අපි මේ ලමයට වැරද්දක් කෙරුවද?

නලුවා  ආච්චම්මට සැර කෙරුවා . ..දරුවො තුන් දෙනෙක් හැදුවා නේද  දන්නෙ නැද්ද පුංචි උන්ට රිදෙනවා කියලා බැන්නා....බැන්නා කිව්වට ඇහුවා ...ඒත් එක්කම අර අලුත් ගෑනි ආච්චම්මගෙ පැත්තට හැරිලා කතා කරන්න ගත්තා විතරයි එ දෙන්නම එකතු වෙලා මගෙ වැරදි කියන්න ගත්තා ...

අනේ ඉතින්....මගෙ කට තුවාල වෙලා තියෙනකොට මන් කොහොම කට අරින්නද....

ඊටත් ඒ හැන්ද ඇනෙනකොට කොච්චර ලොකුද  ...ඒක මගෙ වීදුරු මස්වල ඇනෙනකොට මට කොච්චර රිදෙනවද ....බාප්පා වගෙ කටින් පිඹලත් නෙවෙ පොවන්නෙ.....  උනු පිටින් බොන්නෙ කොහොමද ....??

මං එයා දිහා බලන් උන්නා....එයා තරහව  වැඩි කමටද මන් දන්නෙ නෑ එයා නලල එක අතකින් මිරික ගත්තා ....

යෙවීන් තත්පරයක් මෙහෙම ඉන්නකො.....

ම්ම්ම්.....අ...අ..නේ...ක්ක්...කොහෙ....

බය නොවී ඉන්න මං ඔයාව දාලා යන්නෙ නෑ.....

එයා මගෙ ඔලුව අතගෑවා ...ආච්චම්මා ...අලුතෙන් ආව ගෑනි....මේ දෙන්නම මූනවල් අමුතු කරගන ඉන්නකොට නලුවා මාව දාලා ඇදෙන් නැගිට්ටා ...නැගිටලා එයා අර සේලයින් බෝතලේ එල්ලලා තිබුන  තල්ලු කර ගන එතනට ගියා ...ගිහින් එයා අර අලුත් ගෑනි අතේ තිබුන සුප් එකට අත තියලා බැලුවා ...

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now