34වන කොටස...

3.2K 804 288
                                    

බාප්පෙ  ......

මං කෑ ගැහුවා බාප්පෙක් නැති මම ,මමවත් නොදන්න බාපෙක්ට කෑ ගැහුවා ........තාත්තට මාව ආන්බාන් කරගන්න බැරි තැන එයා මාව උස්සන් එලියට එනකොට ගෙයි මිදුල පුරා එකම කඩි ගුලක් වගෙ තිබුනා .......

බ්බ්...බයයි ...බ්බ්...බයයි.....ද්ද....දාලා යන්න එපා.....අනේ....ද්දා...ලා යන්න එපා......

නෑ නෑ ඔයාව දාලා යන්නෙ නෑ....ඔයාව දාලා යන්නෙ නෑ.....

මං එයාගෙ ඇගෙ එල්ලීගන දාලා යන්න එපා බයයි බයයි කියනකොට සෙනග අස්සෙම්ම මාව උස්සන් එයා එයාගෙ කලු පාට වාහනේට නැගගන්නකොට අනෙ සිල් ගන්න ගියපු අම්මා ස්වාසෙත් නැතුව දුවන් ආවා .........

අනෙ මගෙ පුතා....

අම්මා කෑ ගහනවා මට මොකුත් වෙලා නෑ කිය කිය තාත්තා අම්මව පරක් කරන්න හදනකොට ඒ අදෝනාවලට මම තවත් බය උනා.....මං.තව තව එයාගෙ ඇගෙ එල්ලුනා....මට ඕනෙ හැංගෙන්න තැනක්...කව්ද කින්ද මන්ද හොයනවට වඩා මට ඕන උනේ ආරක්ශාවක් විතරක් වෙනකොට මං එයාව කිටි කිටියට මිරික ගත්තා  ..එයාව කිටි කිටියට තද කර ගත්තා .....ඉවසන්නම බැරි තැන මං ආයම දුවන්න හදනකොට අම්මට කියලා කියලා තාත්තා අම්මගෙ කලබක ගතිය නැති කරන් වාහනේට නග්ගව ගත්තා උනත් මගෙ අත් දෙක දැකපු අම්මා ආයම අඩන්න ගත්තා .....

ඇයි අප්පා ....ඇයි...මේ....අම්මගෙ පුතාට රිදෙනවද....

අශාන්‍යා ඔයා අඩලා තවත් ඌව කලබල කරනවා ....

අඩලා කලබල කරනවා කියන්නෙ මගෙ කොල්ලට රිදෙනවා කියලා කියාගන්නවත් හයියක් තියනවද අකිල...මගෙ දරුවට අම්මෙ මට ...වේදනයි කියලාවත් කියා ගන්න පුලුවන්ද ...ඇයි උඹලා ඔච්චර මගෙ කොල්ලට රිදවන්නෙ.......


ලේ පාට අත් දෙක අත ගගා අම්මා තාත්තට පවා බැන්නා....තාත්තට බනින වාරයක් ගානෙම මගෙ අත් දෙක සිල් ගන්න ඇදගන ගියපු උතුරු සලුවෙන් එතුවා......

වාහනේට යට උනේ මොකාද මගෙ තාත්තා කොහෙද ගියේ මේ කිසිම දෙයක් හොයනවට වඩා බය උන පාර මට  කම්පනේ දරාගන්නම බැරිව නොදරුවෙක් ගානට වැටෙනකොට සමහර තැන්වලදි මගෙ කටහඩ මට නැතුව ගියා..... .....

මාව ගැහුනා........ඔලුව පුරාවටම වීදුරු කටුවලින් සූරනවා වගෙ හැගීමක් දැනෙනකොට මං එයාව හපා ගත්තා .....ඒත් එයා නෙවෙ මොකුත් කිව්වෙ........එයා නෙවෙ මාව ඇදලා පැත්තට කෙරුවෙ අම්මයි තාත්තයි ඉවරයක් නැතුවම කියවනකොට එයා කෙරුවෙ එක දෙයයි පුරුදු කාරයෙක් වගෙ මගෙ පිට දිගෙ අත ගාපු එක...මගෙ ඔලුව අතගාපු එක.................



MELODY OF A AUTUMN PEONY💮🍁🍁Opowieści tętniące życiem. Odkryj je teraz