24 වන කොටස....

2.9K 784 322
                                    

මට දහ අටක්ද.........

මම කේක් එකේ ඇවිලෙන ඉටිපන්දම් දෙක දිහා බලාගන් කල්පනා කෙරුවා .........

..වෙන්න ඇති නේ ..මෙච්චර ලොකු වෙලා දහ අටක් නොවි අටක් වෙනවද......දහ අටක් හින්දනෙ මම ඒලෙවල් කෙරුවෙ.......ම්ම්ම්ම්.......

පිඹින්නෙ නැද්ද......?

ප්ප්...ප්පිඹිනවා.....

ඉතින් බලන් ඉන්නෙ......

ආ ...උගෙ වැඩේ මනෝපාර ගහන එක......ඔන්න ඕක පිඹපන් කොල්ලො

නිකන් ඉන්නකො ලමයට ඔහොම කතා කරන්නෙ...හැමදාම කියනවා කාපන් බීපන් වරෙන් පලයන් කියන්ඩ එපා කියලා

ඌ කොල්ලෙක්නෙ ....ගෑනියෙක්ද....කොල්ලෙක් උනාම තදට ඉන්ඩ ඕනේ......නැද්ද....කොල්ලා....අඩුම තාත්තා වගෙ මෙහෙම ලෙලි.ගිය පාරවල් දෙකක් තුනක්වත් ඇගේ තියෙන්ඩ ඕනා......

ඵූ......හ්හ්.....!!!

අම්මගෙයි තාත්තගෙයි කන්දොස්කිරියාව අහන් ඉන්න බැරිම තැන මම ඉක්මනට ඉටිපන්දමට පිම්බා...මොනවත් ප්‍රාර්තනා කරන්නවත් හම්බ උනේ නෑ......තාත්තා මට කොයි වෙලෙත් කතා කෙරුවෙ ඇට්ටර බාසාවකින් වෙනකොට අම්මා කවදාවත් කැමති උනේ නෑ මට ඔහොම වරෙන් පලයන් කාපන් කියනවට.......අම්මා හැමදාම මාව ඉස්කෝලේ යැව්වෙ මගෙ පුතා කවුරු මොනව කිව්වත් ඇහුන් නෑ වගෙ එන්න කියලා .....කවුරු මොනවා කිව්වා උනත් එක කනකින් අහලා අනිත් කනින් පිට දාන්න කියලා ....ඒ උනාට තාත්තා යැව්වෙම ගැහුවොත් ගහපිය කියලා ........

මම කෙරුවෙ පාඩුවෙ පැත්තට උන එක......මටයි කියන්න යාලුවෙක් නැති උනත් ඉහල පන්ති වලට එන්න එන්න ළමයි මට හිරිහැර කරන එක....උසුලු විසුලු කරන එක නැවතුනා......

කොච්චර ගොතයා ගගා විහිලු කෙරුවත්.....දහය වසර පනිනවා එක්කම මමත් සාමාන්‍ය ළමයෙක් ගානට එයාලා හිතන්න ගත්තා.......කොටිම්ම වෙන කවුරු හරි මට මොනවා හරි කිව්වොත් උන් ගහන්න හැදුවා .....

ඕලෙවල්....ඒලෙවෙල් කියන්නෙ මායා කාරි අවුරුදු ගානක්.........තරහා උන් යාලුවෙන කාලයක්........යාලු වෙන උන්.....තව තව යාලුකම් වලට එහා බැදීම් පටන් ගන්න කාලයක් .......

ඕලෙවල් ඉවර උනාම පන්තියෙ උන්න හැම කලු කෙල්ලම සුදු උනා.......සුදු උන් පාන්පිටි පාට උනා.......දිගට තිබුන කොන්ඩා තට්ටු තට්ටු උනා......ඇහිබැම දෑ කැති වගේ උනා.....කොල්ලන්ගෙත් කොන්ඩා පාට උනා....ෆේල් වෙච්ච උන් ඉගන ගන්න උන්ට කලින් ලෝකෙ කොයි වගේද කියන්න ඉගන ගන්න පටන් ගත්තා ...යමක් කමක් තියන උන් අමතර කෝස් වලට ගියා.....නැති උන් පවුල් බර කරට ගත්තා....සමහරු ඒත්තුකාලෙ බොස්කො එකට ගියා....කෙල්ලො මැහුම් පන්ති ....සැලුන් වැඩ ඔය එක එක විච්චූරන කරන්න ඉගන ගත්තා ....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now