90වන කොටස..

2.4K 635 179
                                    

යෙවීන්.....

දුවපන්....දුවපන් යෙවීන්....දුවපාන්.....

අහුවෙන දැන දැනම දිව්වා.......

උන් මාව අල්ලගන්න බව දැන දැනම.මම දිව්වා.....කරෙ තිබුන පොත් බෑග් එකෙ පටියක් කඩාගන වැටෙනකොට තනි අන්ඩෙන් එල්ලෙන බෑග් එක උස්සන් මම දිව්වා....

අල්ලපන් ඕකව
......

උන් එනවා.....

නෑ.....

උන් ආවා.........

වාහනයක් තියාගන පයින් දුවන් එන්න මේක පරන කාලෙ හින්දි චිත්‍රපටියක් නොවෙන කොට ඇගෙ හයිය නැතුව හිතේ හයියෙන් දුවන් ආව මාව කොටු උනා..........

ඇත්ත...දුවන්න පුලුවන් කම තිබ්බ මට අද දුවාගන්න බැරි උනා........

මම අයන් මෑන් උනා නම්..හෙන විතරක් ගහපු නැති මට ගානක් නැති වෙන්න තිබුනා.....

මම ස්පයිඩර් මෑන්වත් බැට්මෑන් වත් උනා නම්...මට මෙතනින් තත්පරෙන් පැන ගන්න තිබුනා...හැබැයි....මම සුපිරි වීරයෙක් නෙවෙ හින්දම මට දුවා ගන්න බැරි උනා.....කාර් එකෙන් එලියට පැනපු පාර දනහිස් ඇනිලා තියනකොට දනහිස් පොල්කටුව ඇවිදින වාරයක් පාසා වේදනා දෙනකොට වේදනාව එක්ක මට දුවන්න බැරි උනා....

අවංකවම මං අද අවාසනාවන්ත උනා.........

අවංකවම අද මගෙ හෙවනැල්ලත් මාව දාලා ගියා.......

මං හිතන්නෙ......මගෙ ජීවිතේ...මගෙ දෛවය...මට දුන්න අර ඇබිත්තන් ෂයිස් ඇහැට නොපෙනෙන තරමෙ ස්වර්ණමය කාලය ඇහිපිල්ලමක් ගහන පමාවට මගෙන් උදුර ගත්ත වගෙ...........

මම කොටු උනා.......

මම නැවතුනා.......

බලු බල්ලෙක් නැති හරියකදි කෑ ගහලා උදව් ඉල්ලා ගිරිය කඩාගන පලක් නෑය කියලා හිතෙන තැනකදි මම නැවතුනා.....

මම තනි උනා....

මම අසරන උනා..........

මගෙ පපුව ගැහෙනවා.......

දුවපන් යෙවීන් දුවපන් කියලා මගෙ හදවතට මොරගහන්න පුලුවන් උනාට...මගෙ කකුල් වලට ඇගට පතට හයියක් නැති උනා..........

මම නැවතුනා.....

දුවලා තේරුමක් නැහැයි කියලා හිතෙන තැන වගේම...මම හතර වටිම්ම කොටු උනා කියල හිතෙන තැනදි මම නැවතුනා............

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now