23 වන කොටස...

2.8K 767 225
                                    

යෙවීන්........

මගෙ පුතේ .  . .....

යෙවීන්........

.යෙවීන්....තාත්තා එක්ක තරහා වෙන්න එපා රත්තරන්   ..තාත්තා ආදරෙයිනෙ.....අම්මා එනවනෙ මගෙ පුතාව බලන්න.......අනික....ශෙහානි ඇන්ටිත්...ආවම....මගෙ පුතාට අලුත් අම්මෙකුත් ඉන්නවනෙ ......නේද.....

ආ....ඔය කියලා දෙන්නෙ...ඔය කියලා....දෙන්...නෙ....යස....අගේට............අහකට....අහකට....පලයන්...මට පුලුවන් ඌව වෙනදා වගේ ඉස්කෝලේ ගෙනියන්ඩ .....උඹ අහකට පලයන් .....

උඹ කොහෙ යන්ඩද  . කනමදයා වගේ රැයක් දවාලක් ගෙයක් දොරක් නෑ    ..බිබී ඇවිදිනවා.....උඹ කවදද කකුල් දෙකෙන් ආවෙ කියපන්....

යකො...කකුල් ..හතරෙන් ආවත්...මගෙ ගාව....උඹ වගේ........චීත්ත වැඩ නෑ...........තොපි.....චීත්තනෙ.......යෙවීන්.....වරෙන් යන්ඩ........උඹව.....බාප්පම.....ගිහින් දාන්නම්.......වරෙන්.......මගෙ...පුතා....ඉස්කෝලේ ..ගියහම.....උඹට කව්ද......මොනවද....කියන්නෙ......ගහපන් ...ඔක්කෝ.....ටම...උඹව....අඩවන්නෙ...කව්ද.....උන්ටත් ගහපන්.....ගහන්ඩ බැරි නම්.....ඇවිත් කියපන් බාප්පට

අහකට පලයන් නෙහාන් කතා කරගන්න බැරි ලමයට මොනවද උඹ ඔය උගන්නන්නෙ?

යෝ...........හ්.....පව්.....හරි....පවූ... ........කතා කරගන්ඩ බැරි උනේ මොකා හින්දද කියලා මතක් කරගනින් .......

බෙල්ලෙ එල්ලුන වතුර  බෝතලේ තිබුන වතුර එකේ බර මගෙ බෙල්ලට දැනෙනකොට මම ඔහේ උන්නා.......උදේ නිදි පැදුරෙන් තාත්තම මාව ඇහැරවලා ඇගපත් හෝදවලා ඉස්කෝලේ යන්නත් ලෑස්ති කෙරුවා ....වෙන්දට ගොත ගගහා කාමරේ අස්සෙ හෙලුවෙන් දුව දුව කෑගහන මම දැන් තනීයම තුවාය පටලවන් පයට පෑගෙන තුවාය අත් දෙකෙම්ම උස්සන් එන්න පුරුදු උනා......

.අම්මා අන්දන යට කලිසම වෙනුවට තාත්තා අන්දවන්න හදනකොට මමම ඒක ඉල්ලන් ඇදගත්තා....  .අම්මා දාන සපත්තුවම මමම දාගත්තා....කොටිම්ම අම්මා නැති යෙවීන් දැන් තාත්තට මගෙ කිසිම දෙයක් කරන්න නොදී බැරි උනත් පුලුවන් උනත් මමම තනියම කරගන්න පටන් ගත්තා ...........

උන් මගෙ අම්මව අරන් ගියා  ....

අම්මගෙ සුවද විතරක් ඉතුරු උන කාමරේ ඇරුනම අම්මගෙයි කියන්න කිසිම දෙයක් ඉතිරි  නොවෙනකොට මම අම්මගෙන් හොරකන් කරගත්තු සමනල බූල්බෑන්ඩ් එක විතරක් මගෙ ගාව ඉතිරි උනා........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now