97 වන කොටස

2.5K 648 308
                                    

ස්ස්......සංදීර් .....

එයා එනවා...අනෙ මගෙ සංධීර් එනවා....මට තාත්තව අමතක උනා.....එක මොහොතකින් මට මුලු ලෝකෙම අමතක වෙලා ගියා...එහෙම නොවී තියේවිද දෙයියනෙ...මගෙ මුලු ලෝකෙම ඇස් පනාපිට ඉන්නකොට .......

ස්....ස්....සංජී..........ර්‍ර්...ම්ම්හුක්......

මම දිව්වා.......එයා එන මගටම දිව්වා...පොලිස් කාරයා ඉන්නවා වත් නොබලම ඇගේ එල්ලුනා...

අනේ...අනෙ මට අඩන්න බෑ......අනෙ මට අඩන්න නම් බෑ දෙයියනෙ...........

මගෙ ගැහෙන පපුව කිව්වෙම අනේ අඩන්න නම් එපා.....උඹ ඇඩුවොතින් උඹේ සංධීර්ට වාවන්නෙ නැති වේවි කියලා වෙනකොට මම අඩන්න ඕන තැනදි හිනා උනා....

ඒත්...එයාගෙ මුනට හිනාවක් ආවෙ නෑ...එයාගෙ මූනෙ තිබුනෙ බොරුවට හිනා වෙන මා දිහා බලාගන ඉදලා ලාවට......ඇහැට පේන්නෙ නැති හිනාවක් දුන්නා.....

අනෙ මම හිනා උනේ කට පුරවලනෙ.........

එයාට දැනුනද.....

මම කරන්නෙ බොරුවක් කියලා .....

එයාට දැනුනද....මම කරන්නෙ රගපෑමක් කියලා.......?

මොන බොරුවක්ද........මොන තරම් බොරුවක්ද......

මම මේ කරන්නෙ අහුවෙන බොරුවක්නෙ දෙවියනෙ........

ස්ස්.....ස්..සංධීර් .......

මම ඒ අත්,මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා........

මා දිහා තත්පරයක් දෙකක් බලන් උන්න එයා අනේ මගෙ කට එයාගෙ මහපට ඇගිල්ලෙන් අතගෑවා..........

කට රිදෙන්නෙ නැද්ද ම්ම්ම්.....

ක්ක්...ක්ට.....

ම්ම්ම්ම්ම්.....බොරුවට හිනා වෙලා කට රිදෙන්න නැද්ද මගෙ යෙ යෙ ගේ.........

මං හිතන්නෙ මට එතනින් එහා නම් අහන් ඉන්න බැරිව යන්න ඇති...........මට එතනින් එහා අහන් උන්නත් වාවගන්න හයිය නැති වෙන්න ඇති.........................එයා ඇහුවා...එයා ඇහුවා බොරුවට හිනා වෙලා කට රිදෙන්න නැතිද කියලා...

ස්ස්......ස්ස්....සංධීර් ...අ..අනේ....මගෙ....ර්...රත්තරන් ....

මට ඇඩුනා.....ගෙවුන පැය හතලිස් අටට කදුලු ගංගාවක් මගෙ ඇස් වලින් හැලෙන්න පටන් ගත්තා............

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now