44 වන කොටස...

3.2K 769 180
                                    

සංධීර්......???....

ස්ස්...ස්.....සංධීර්..........ස්ස්........සංධීර්........

මම දිව්වා...දගල දගල උන්න මම් කඩාගන බිදගන ලේ නාගන උන්න සංධීර් ගාවට දිව්වා....... මම දිව්වා නෙවෙ ඇගේ එල්ලුනා.....

ස්ස්...සංධීර්...ම...මං...ම්ම්..මැ....රුවා....ම්...මැරුවා....මැ....ම්ම්..මැරුවා...මම්...මං.....ම්...මැරුවා......

ශ්ශ්...ශ්ශ්....යෙවීන්...යෙවීන්.......කෝ...හොද...ලමයනෙ....කියන දේ අහන්න.......කියන...දෙ...අහන්නකො....

යෙවීන්....සංධීර්.......??

යෙ...යෙවීන්........

තත්පර ගානකට මේ හැම දේම ගල්ගැහිලා ගියා..මම උන්නෙ සංධීර්ගෙ ඇගේ එල්ලීගන....සංධීර් උන්නෙ දගලන මාව බදාගන.....මම මම මැරුවා ගගා එකම දිගට ජප කරනකොට සංධීර් නෑනෑ ගගා මගෙ හිත හැදුවා............එයයි මායි ඒ විදිහට ඉන්නකොට අපි දෙන්නා වටේ උන්න හතර දෙනාටම කට උත්තර නැති වෙලා තිබුනා....විශේශෙම්ම අම්මට....අම්මට සතුටද...දුකද... නැත්තන් ...සතුට දුක වේදනාව තුනම එකට ඇවිදින් දරාගන්න බැරිවද කොහෙද කලන්තේ දානකොට සංධීර් එයා ඇදන් උන්න උඩ ඇදුම ගලවලා  මගෙ තුවාල උන නලල පිහ දැම්මා.....

සංධීර් .....සංධීර් ....ඒකියන්නෙ....උඹ ඉන්නවා.....

.................

.එතකොට ....මේ..ඉන්නෙ........මේ..ඉන්නෙ...මගෙ......

ලමයව හොස්ප්ටිල් එකට අරන් යන්න ඕනා....පැත්තට වෙන්න.....

සංධීර් නෙවෙ මූනක් බැලුවෙ   අනිත් හැමෝම උන්නෙ පුදුමෙ දරාගන්න බැරිව උනත් සංධීර්ට එයාලව හම්බුනා කියලා කිසිම සතුටක් තිබුන් නෑ .....මම උන්නෙ විකාරෙන් වෙනකොට මට අම්මා බාප්පා ගාවට දුවා ගන්න ඕනා උනත් ඒකට හයියක් තිබුන් නෑ....

.සංධීර්....

.කතා කරන්න දෙයක් තියනවා නම්.......මෙතනින් ගියාට පස්සෙ......

එයා නපුරුයි ....එයා පුදුමාකාර විදිහට නපුරු වෙලා.......සිහිය නැතිව වැටුන අම්මට බාප්පා වතුර ගාලා ගාලා පියවි සිහියට ගත්තු වෙලාවෙ ඉදන් අම්මා අඩනවා....එයා මග් අත පය අතගානවා..මට ගහපු කම්මුල අත ගගා සමාව ඉල්ලන්වා...අම්මා දන්නෙ නෑ කියල කියනවා.....අම්මාට විස්වාස කරන්න බැරිවද කොහෙද සිය පාරකට වඩා සංදීර්ගෙන් මේ මගෙ පුතාද කිය කිය අත් එකතු කර කරෝම වැන්දා...........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now