39වන කොටස ...

3.3K 761 172
                                    

රොබින් කුරුල්ලා .....

රොබින් කුරුල්ලා දිහා බලපු මන් කෙලිම්ම ගෙදර දිව්වා ....අසනීපෙන් ඉන්න සංධීර්ව මතක් උන මම එක තත්පරයක් වත් නහස්ති නොකරම කෙලිම්ම ගෙදර දිව්වා...මට ඕනෙ කැද ටිකක්....සහලවලා උන අරන් උන්න එයා වෙනුවෙන් පෙනඩෝල් පෙත්තක් ..කතා කරගන්න බැරි මාව තනි අතෙන් උස්සන් දුවපු එයා වෙනුවෙන් දැන් හයියක්.....

අ....අම්මෙ.....අම්...මේහ්....

ගරාජ් එකේ උන්න තාත්තා එතන නෑ...අනිවාර්යයෙන්ම කුස්සියෙ...අනිවාර්යයෙන්ම බත් කනවා ඇති ....

අම්මෙ......

මං දිව්වා  . .මං කෑ ගහන්ම කුස්සියට දිව්වා...

ලමයො....

අ..අම්මෙ....

ආ කොල්ලො උඹ ගියෙ බත් දෙන්නද කවලා එන්ඩද

මට ඕන කරන දේ කියාගන්න හම්බුන් නෑ බත් කන ගමන් උන්න තාත්තා මැදින් පැන්නා .......වෙලා ගිහින් ...ඇත්ත....මට එක පාරට දෙපාරක් ගිහින් එන්න වෙලාව.........

තාත්තා අනාගත්තු බත් කටක් කටේ ඔබා ගන්න ගමන් ආයම අම්මා දිහා බලලා බත් පිගාන දික් කෙරුවා ...

සුදූ මේකට හොදි ටිකක් දාන්න....

අම්..මෙ...

අම්මා තාත්තගෙ බත් එකට හොදි බෙදලා දෙනකන්  සින්ක් එකේ ටැප් එකට අත් දෙක තියලා වතුර බීපු මම ටී ශර්ට් අතෙන් කට පිහා ගන්න ගිහින් ආයම සංධීර් ගාවට යන්න තියන හින්දා තෙත කට තාත්තගෙ ටී ශර්ට් පිටෙ අතුල්ලලා අම්මා ගාවින් ගිහින් හිටගත්තා

මොකද ?

අම්මෙ...ක්ක්....කැද ට්ට්..ටිකක් හදලා ද්ද්....දෙන්නකො ....

කැද??මෙවෙලේ කැද.....කාටද ...ඔයාටද?

න්න්...නෑ....ස්ස්...සංධීර්ට ....

..................

....................

අම්මගෙ අතෙ තිබුන හනස්ස බිමට වැටුනා....කැද ටිකක් හදලා ඉල්ලනකොට කාටද කැද කියලා අහපු අම්මගෙ තුන් හිතම මගෙ උත්‍තරෙත් එක්ක ඇවිලෙනකොට දවල් බතවත් නොගිලපු අම්මා හවස වඩියට ඉදි ආප්ප තම්බන්න  පිට්ටු ගොට්ට හිරකරන්ඩ හිතාගන ලිප තියපු උනුවතුර මුට්ටිය වටේ නගින ගින්දර දලු තව උස් කරන්න හිතාගන ලිපට ඔබන්න අතට ගත්තු හනස්ස බිම වැටෙනකොට තාත්තා .....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ