54වන කොටස..

3.5K 765 354
                                    

දෙවියනේ ...

මට එක පාරටම වමනෙ යන්න ආවා......

අනෙ පොඩි කෙල්ලෙක්.....ඕනා නම්...අවුරුදු එකොලහක්...දොලහක් ඇති....බොරු කියන්න ඕන් නැ මට එක පාරම.මතක් උනේ තාත්තගෙ කෙල්ලව.....

මගෙ තාත්තට තාත්තී ගාන කලු උනත් ගොත නොගහන හින්දා සුදු දෝනි ගාලා ආච්චම්මලා හුරතල් කරන කෙල්ලව.....

ස්ස්....සංධීර් ....ම්ම්ම්

ඔයාට අමාරුයි නම් අහක යන්න....

න්න්...න්න්..නෑ...ඕන්.නෑ....

මහත්තයා ..අනේ...මහත්තයා..මේක අපිටත් වහන්න සිද්ද වෙන වැඩක්...

ප්ප්ප්..පොඩ්ඩක්...ක්ක්..කට ප්ප්..පියන්...ඉදපන්...ම්ම්..මිනිහො....උඹගෙ...ද්ද්..දුව උන්..න..නම්....මෙතන......

මට මල පැන්නා....කතා බහක් නැති සන්දීර් ඇදන් උන්න කෝට් එක ගලවලා අත් දිග ශර්ට් එකේ බට්න් ගලවලා උඩට නවාගන මිනිය දිහා බලන්න ගන්න හදනකොට  අර මිනිහා ආයම සංධීර් ගාවට යන්න හදනකොට මම මැදින් හිට ගත්තා...එක්කො හොදින්...නැත්තන් නරකින්...අත කඩල දානවා අතක් තිබ්බොත්.....මගෙ එකාගෙ ඇගට...

යෙවීන්....

ස්ස්....සංධීර් ......

මේ ටික ලියාගන්න......

එයා එයාගෙ කෝට් එක ඇතුලෙ තිබිලා පොඩි පොතක් වගේම පෑනක් දෙනකොට මල්ශාලාවෙ උන් තක් බීර් වෙලා උන්නා...මට විශ්වාස නෑ...මට මුන් එකෙක්වත් විශ්වාස නෑ....අම්මපා......මොකක් හරි මගුලක් කෙරුවොත් මං මුන්ව මරනවා මරලා හිරේ යනවා......

එයාගෙ පෑන පොත  අතට ගත්ත උනත් මගෙ ඇස් දෙක තිබුනෙ මල්ශාලාවෙ අයිතිකාරයා කියන්න පුලුවන් මංගල මුදු මාල වලලු  රන් අබරන දාන් උන්න එකා ගාවට වෙනකොට කන්නාඩියක් දාගත්තු සංධීර් අත් කාචයක්  අරන් බලන්න ගත්තා..........

ස්ස්...සංධීර් ....

ශ්ශ්......පොඩ්ඩක් ඉන්න.....

එයා මට කතා කරන්න දුන්නෙ නෑ...මට ඒ කෙල්ල දිහා බලන්නත් බෑ.......සර්වාංගෙ අඩක්ම පිච්චිලා ගිහිල්ලා..අත්වල ඇගිලි නෑ....ඒ ඔක්කොම රබර් ඇකිලෙනවා වගෙ ඇකිලිලා ගිහිල්ලා........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now