05 වන කොටස...

3.7K 859 293
                                    

එයා මගෙ දිහා බලන් උන්නා..මං හිතන්නෙ එයාට තේරුනෙ නැද්ද කොහෙද අපේ අම්මගෙන් මල්ලි බබාව අරන් ගිහින් කියන එක.....අනේ....එයාට කවුරු හරි කියන්නකො...මල්ලි බබා නැති හන්දා ලොක්කම්මා අපිට බයිනවා කියලා .......

මම අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා .....කතා කරගන්න ඕන කම ඕනවටත් වඩා තියනකොට එයා බැට් මෑන් කිව්ව හන්ද මට හිතුනෙම එයාට අනිවාර්යයෙන්ම මල්ලිව හොයා ගන්න පුලවන් වෙයි කියන එක වෙනකොට මම අත්දෙකෙම්ම මගෙ කන් දෙක පිහදැම්මා....

ඒක මගෙ හැටි .....මට දෙයක් කියාගන්න බැරිවෙනකොට ...ලොකු දුකක් වේදනවක්....ඉවසගන්න බැරි තරහවක් දැනෙනකොට මම කරන්නෙ ඔලුව වන වන අත් දෙකෙම්ම කන් දෙක පිහන එක....ඒක මහ විකාර දෙයක්...අනිත් මිනිස්සු කරන්නෙ මාව තරහ ගස්සවලා මම ඒ විදිහටන් වේදනාවෙන් මටම ගහගන්න හැටි බලාගන සතුටු වෙන එක.....උන් හිනා වෙනවා ..ඒත් උන් කවුරුත්ම දන්නෙ නෑ මම මගෙ පොඩිඔලුව වන වන මටම ගහගන්නකොට මට වේදනයි කියලා.....

මම දැගලුවා....මගෙ අත් දෙකෙම්ම කන් දෙකට ගහගත්තා .....එලියට දාගන්න බැරි වචන කට ඇතුලෙ ගොඩ ගැහෙනකොට මම දත්  මිටි කෑවා......මාස් පුඩු වේගෙන් ඉහල පහල යන්න වගෙව්.අ අවසානෙදි ඇස් වලින් කදුලු වැටෙන්න ගන්නකොට එයා මාව තුරුල් කරගත්තා .....එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ....මම දගලපු හැටියට මගෙ අතින් එයාගෙ ගෙදර තිබුන ලස්සන වීදුරුවකුත් බිදිලා ගියා ..එතනි පස්සෙ තමා මම කෑ ගහන්න ගත්තෙ.....මට හිතුනෙම මම බින්දෙ ගෙදර වීදුරුවක් කියල වෙනකොට මම ගොත ගගහා ආය බිදින් නෑ ලොක්කම්මෙ..ගගා අඩන්න ගත්තා .....

මල්ලි බබාගෙන් පටන් ගත්තු වේදනාව ....ලොක්කම්ම.මගෙ ඔලුවට දෙන පීඩනෙත් එක්ක එලියට එනකොට එයා බය වෙලා සුදු බාප්පට කෑ ගැහුවා ...

බබී...බබී....කෝ..කෝ..මේ බලන්න..මේබලන්න...කවුරුත් ගහන් නෑ...කවුරුත් ගහන් නෑ........නෙහාන්...නෙහාන්.....නෙහාන්...මෙහෙ වරෙන් යකො.....නෙහාන්........

එ ..එපා...ල්ල්..ලොක්...ලොක්...ලොක්...අම්මෙ....අනේ...එපා....ගහ...න්...ඩ...එපා....කඩ..න්...නෑ....ආය ..ආ  .ආ ...ආ...අය.....ආ ...අය...ක්ක්...කඩ...න්..නෑ...........ස්.....ස්...සමා....වෙ...න්ඩ..කෝ........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now