17 වන කොටස...

3.3K 733 277
                                    

එහෙනම් මිස්ටර් සංධීර්......

මං උන්නෙ නලුවගෙ කකුල් දෙක පිටිපස්සෙ ...කොටිම්ම එයාගෙ ලොගුව අස්සෙ හැංගිලා ....තනි සුදු ඇදුම ඇදගත්තු  අර බඩ  ලොකු මනුස්සයා ඇවිදින් අපි ගාව හිට ගන්නකොට එයා මාව පස්සට කර ගත්තා උනත් මම කෙරුවෙ එය ඇද උන්න ලෝගුව උස්සලා ලෝගුව අස්සට රිංගපු එක.....මොකද මට බයයි.....මට ඒ මිනිහගෙ මූන දැක්කම බයයි........එදා අපිට ගැහුවෙ මේ මිනිස්සුන්ගෙ උන් කියලා දැනගත්තම මට ඊට වඩා බය හිතුනා ........

ඉලෙක්ශන් එක පහු උනහම අපි මේ ගැන කතා කරමු .....

මිස්ටර් සිල්වා......මම කෙරුවෙ නීතියට වැඩ කරපු එක......මම කෙරුවෙ තවත් දරුවෙක්ගෙ ජීවිතයක් බේරපු එක....

මම නන්නත්තාර වෙන්න ගියපු එක ජීවිතයක් බේරපු එක....මගත්තයල ඒ මිනිස්සුන්ගෙ චන්දෙම්ම උස පුටුවට ගිහින් ඒ මිනිස්සුන්ට සලකන්නෙ මේ විදිහටද ......

අනේ.....නලුවෝ.....ඇතිනෙ.....දැන් එපානෙ....

මට පුලුවන් කමක් තිබුනා නම් මං එයාට කතා කරනවා ඒත් ඒ දෙන්නා අතර තිබුන කතා බහ අතර කිසිම හිඩැසක් තිබුන් නෑ.....එක්කෙනෙක් කියලා කට වහන්න කලින්  තව එකෙක් කියවනවා......එක්කෙනෙක් පටන් ගන්න කලින් අනිකා පටන් ගන්නවා .......හැබැයි ඒවා වෙන කාටවත් ඇහෙන්න කිව්වෙත් නෑ...ඒවා වෙන කාටත් දැනෙන්න කිව්වෙත් නෑ.....නලුවා උන්නෙ දත් මිටි කාගන වෙනකොට අර මිනිහා  ඇස් හීනි කරගන මගෙ පුතා මගෙ පුතා ගගා නලුවට සැර කරනකොට අනෙ මං බය උනා....

අනෙ මං බය උනා ගහාවි කියලා ...මෙච්චර වෙලාම ලෝගුව අස්සෙ උන්න මං  බැරිම තැන මං මගෙ බෙල්ල එලියට දැම්මා....

ස්ස්...සංධී....ර්....අ ...අ...අපි....ය්...ය්...යමුකො....

ආ....ඔය ඉන්නෙ ....තාත්තට නම කියලම කතා කරන පුතෙක් ....මටත් උන්නා පුතෙක් ....දැන් ඉතින්....

මිස්ටර් සිල්වා....      ලොකු උන්ගෙ ප්‍රශ්නවලට නොදරුවො ගාව ගන්නෙ නැතුව ඉන්නවා නම්  ඒක හොදයි.....අනික මිස්ටර් සිල්වට විතරද දරු කැක්කුම.....අර අනාත උන කෙල්ල ගැන ....ඒ කෙල්ලගෙ දුක ගැන තේරෙන්නෙ නැත්තෙ එ පිට එකෙක්ගෙ හින්දද ....     ...මේ කතාව මෙතනින් ඉවරයි .....මිස්ටර් සිල්වා තව සති දෙකකින් ඉලෙක්ශන් එක පුලුවන් නම් මේ පාරවත් අවංක දෙයක් කරන්න ප්‍රසිද්ද වෙන්න කලින් ජනප්‍රිය වෙන්න බලන්න..මොකද  මිනිස්සුන්ට    ප්‍රසිද්ද වෙන්න ඕනා නම් බල්ලො මරලා හරි ප්‍රසිද්ද වෙන්වා හෙලුව පෙන්නලා හරි ප්‍රසිද්ද වෙනවා ...ඒත් ජනප්‍රිය වෙන්න ඕන මිනිස්සු පොඩි තැනෙ ඉදන් ලොකු තැනට එන්නෙ මිනිස්සුන්ගෙ ආදරෙත් එක්ක......අන්න ඒක මතක තියා ගන්න මිස්ටර් සිල්වා .....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Kde žijí příběhy. Začni objevovat