32වන කොටස

3K 705 279
                                    

එල්ලුම් ගහ ..මාව කරකවලා අතෑරියා වගේ උනා ...මෙච්චර මේ ලෝකෙ ගස් අනම් මනම් තියනකොට මේ මනුස්සයා ආසම එල්ලුම් ගහටලු......

එහෙන් සිත නිවන කතා යනකොට අලුත් කස්ටර්මරයා හිත අවුලන කතා කියනවා.........

එල්ලුම් ගහ ගැන මොනවද දන්නෙ?

යෝ අද පෝය දවසේ අහන පව් කාර කතා...මටත් පව් පිරෙනව අප්පා.......එල්ලුම් ගහ ගැන මොනවද දන්නෙ අහනවා ...මං දන්න එකම දේ එල්ලුම් ගහෙ දලු දාන්නෙ නෑ කියන එක විතරමයි...

මං මැරිච්ච ගස් දිහා බලන් ඉදලා ශේප් එකේ එයා දිහා බැලුවා ..ඒකා මා දිහානෙ බලන් ඉන්නෙ.....මා දිහා බලපු එයා ඇස් දෙක හිනි කෙරුවා ...මේක හරි පුදුම වැඩක් නේ .....කොයි වෙලෙත් ඇස් පොඩි කරනවනෙ.....

ඒ ලෙවල් කරන්නෙ මොනාවලින්ද ?

ආ...ආර්ට්ස්...

සබ්ජෙක්ට් ...

ප්ප්...පොලිටිකල්...ස්ස්...

එල්ලුම් ගහ පටන් ගත්ත අවුරුද්ඩ්ග?අවසානෙටම එල්ලුම් ගහ ක්‍රියාත්මක උන අවුරුද්ද?

ඔ..ඔව්වා...උගන්..නන්නෙ නෑනෙ..

මොකෙක් වෙන්න ආස...

ප්ප්...ප්ප්....

එහෙනම් ඔය දෙක දැනන් ඉන්න ඕනා...

මට කියන්න දුන්නෙ නෑ.....ආයම කියන්න දුන්නෙ නෑ.......කලින් බිත්තර ....පස්සෙ අපි වහලා කියලා දැන්....මට ඵොක්ටර් කෙනෙක් වෙන්න කියලා කියන්න දුන්නෙ නෑ...මේක මහ පුදුම වැඩක් උනානෙ....අනික මේ මනුස්සයා අහන ප්‍රශ්න...මං දන්නෙ කොහොමද එල්ලුම් ගහ පටන් ගත්තෙ කවදද කියලා .....මං යනවද ඔව්වා හොයන්න.....

මටත් එක අතකට හොද වැඩෙ ආවා නම් කන්න දුන්නා නම් යන්නෙ නැතුව මගුලක් අහන්න නැවතුනානෙ....අනික මල් ගස් මැරිලා ගියත් මට ඇති රුදාව මොකක්ද...මටත් කට පුක වහ ඉන්න බෑනෙ.........

ම්ම්...මේ....මං...ද්ද්...දන්නෙ ....නෑනෙ......අනික....ම්ම්....මට....මො....

පටන් ගත්තෙ අටසිය හතලිස් හතරෙ....අවසානෙටම එල්ලා මැරුවෙ " චන්ද්‍රදාස එහෙම නැත්තන් හොද පපුවා කියන එකාව....ඒකත් නවසිය හැත්තෑ හයෙ ..එදායින් පස්සෙ තව නෑ...හැබැයි....මම හිතන්නෙ...නෑ...ඒක එහෙම වෙයි කියලත් ....තව මොනවා හරි දැන ගන්න ඕනෙද ...??

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now