15 වන කොටස..

Začať od začiatku
                                    

ස්...සංධීර්.....ච්ච්...ච්ච්...චිත්‍රයක්...ප්ප්...පාට...කරන්න...එක....ම...එ..එක...ප්ප්...පාට.කූරක්.....ඇ..තිද.....?

මම මගෙ අතෙ තිබුන  චිත්‍රෙ ඇදපුම පාට කූර දිහා බලන් ඉදල ඉදල මම එයාගෙන් ඇහුවා එකපාටකූරක් ඇතිද කියලා ....ඇතිවෙන්න බෑනෙ....මදිනෙ.......ඔලුවට කලු පාට...මූනට කහ පාට.......ඇදුමෙ පාට....තාත්තගෙ මූනට කහ පාට ගාන්න බෑනෙ.....තාත්තා අව්වෙ ගිහින් කලු වෙලා කියලා අම්මා  බයිනවනෙ.....මූනට දුඹුරු එපැයි ....මම  නම් ඉතින් අම්මගෙ බන්ඩියෙන් ආව දා.ඉදන් සුදුයි කියලා අපේ අම්මා කියනවනෙ....ඒක හින්ද මට රෝස පාට.....ඇයි ඉතින් සුදු ගෑවම පේන්නෙ නෑනෙ...ඇරත් සුදු කිව්වට සුදු නෙවෙ අප්පා.....

ඉතින් මට පුලුවන්ද මේ ඔක්කොම  එක පාටකින් පාටකරන්න ........

මම බලන් උන්නා...එයා මගෙ චිත්‍රේ දිහා බලන් ඉදල අතේ තිබුන පාට කූර ඉල්ලගත්ත ....

ඇයි බැරි ම්ම්ම්.....

ප්ප්....පුලුව...න්ද......

අනිවාර්යයෙන්ම ..........ඕන නැති හරිය මගෑරලා මේ මුලු චිත්‍රෙම්ම වටිනම තැන පාට කරන්න...හරියටම මෙන්න මෙතන වගෙ.....හදවත....මේ තියන්නෙ...මෙතන විතරක් පාට කරන්න............

ම්ම්..

දන්නවද යෙ යෙ.......

අනේ.....මේ බලන්නකො ඉතින්....එයත් මට යෙ යෙ  කිව්වා...හැබැයි අර වෙන උන් වගේ කොලොප්පමට නම් නෙවෙ.....එයා මට එහෙම කිව්වෙ හරි ආදරෙන් කියලා මට තේරුනා.......ඉතින් එයා දන්නවද යෙයෙ කියල අහනකොට මම එයා කියන්නෙ මොනවද කියලා  අහන්න මගෙ සර්වාංගෙම එයාගෙ පැත්ත හරවගත්තා ......

දන්නවද .....මිනිස්සු කොයි වගේ උනත්......හදවත හොද නැත්තන් .....වැඩක් නෑ....

අ...අ..අපේ....ආ...අච්ච්...චම්මගෙ....ව්ව්...වගේද.......

ම්ම්ම්....ආච්චම්මගෙ හදවත හොද නැද්ද....

ම්ම්ම්...

ඇයි ඒ.....

ඒ..එ...එයා....අ..අලුත්...ග්...ගෑනියෙක්....

හරි...හරි...මේ අහන්නකො ....අපි ඒක නවත්තමු.....එක මට කියන්න එපා...ඒක අර පොතේ ලියමු..හොදද....ඒවා රහස්නෙ......

ම්ම්ම්....බ්බ්..බාප්පට...පෙන්නුවට අවුලක්...න්න්...නෑනේ....

ම්ම්ම්......ඒක රහසක්නෙ බොසා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now