15 වන කොටස..

Start from the beginning
                                    

එක පාට කූරකින් පුලුවන්ද මුලු චිත්‍රයක්ම පාට කරන්න........

මම ඔලුව කස කස ඉදලා තනි අතෙන්  චිත්‍රයක් අදින්න ගත්තා ... ...

අම්මගෙ ඔලුව ඇන්දා....කොන්ඩෙ ඇන්දා..කනට පිටිපස්සෙන් කොන්ඩ ගෙඩිය ඇන්දා.......අපේ.අම්මට ගවුම් ලස්සනයි.....තාත්තා ගියපාර නත්තලට මැක්සි ගවුමක් ගෙනත් දුන්නනෙ....මගෙ අම්මෙ....එදා නම් හරි ලස්සනට උන්නා..හැබැයි ගවුමෙ බිල් එක දැක්කට පස්සෙ අපේ ගෙදර නත්තල් නැති උනා.....

ආච්චම්මා මැරෙන්න හැදුවා   ..අම්මා ඒක පැත්තක දලා වෙන එකක් ඇදන් ගියා....යෙවීන්ට එදා රෑ නීලාකූරක් වත් නැති උනා....බාප්පත් උන්නෙ රටනෙ.........

අනේ මේ පාර නත්තලට අම්මට මැක්සි ගවුම් එපානෙ.....එහෙම උනෝතින් අපිට මේ පාරත් නත්තල් නැති වේවි.....

මම කල්පනා කර කරම අම්මා.තාත්තා මැදින් මාවත් ඇන්දා........අපි තුන් දෙනාම උන්නෙ අත් අල්ලගන...........

දොර ඇරෙන සද්දයක් ආවා.......ඒ නලුවා....එයා මා දිහා බලලා ඇදට නැග්ගා ...හැබැයි මා එක්ක කතා කෙරුවෙත් නෑ...අඩුම ගානෙ මම අදින්නෙ මොකක්ද බැලුවෙත් නෑ........ඒත් එයා මගෙ ඔලුව අත ගාලා එයාගෙ අර ඉන්ග්‍රීසි අකුරු පිරුන කොල වලට එබුනා....එබිලා පෑන කටේ ගහන් මොන මොනවහරි තනියෙන් කියෙව්වා ........

ස්ස්......ස්....සංධී...ර්

මම මිමිනුවා......කතා කරන්න කලියෙන් දත් අස්සෙන් අකුරු අමුනගත්තු මම" ස" යන්න එලියට දාන්න කලින් දෙපාරක් තුන් පාරක්ම කට ඇරල ගොත් ගහලා තමා නම එලියට දැම්මෙ....

ම්ම්ම්...මොකද බොසා.....

එයා....එයා මට බොසා කිව්වා.....අනේ...මේ නලුවගෙ කටට එන නම්......බොසාලු.......එයා මා දිහා නොබලා මොකද බොසා කියලා අහනකොට පාට කරන්න පාට නැතුව මම ඇදපු චිත්‍රෙ දිහා බලන් උන්නා.....අවසානෙදි මෙච්චර වෙලා පොතකට එබීගන උන්න එයා මගෙ පැත්තට හැරිලා මගෙ චිත්‍රෙ දිහා බැලුවා....

අය ඇදල තියෙන්නෙ........හිච්චි ඩාවින්චි වගේ.........

එයා තවත් නමක් කිව්වා.......එයා නම් කව්ද  කියන්න දන්නෙ නෑ.....ඒත් එයා මගෙ චිත්‍රෙ අතට අරන් බලල ලස්සනයි කිව්වා....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now