⚡Chapter 30⚡

3.4K 413 222
                                    

සෙමී ටේහ්‍යුන් කියලා කෑගහනවා ටේහ්‍යුන් ලගට ගියා.

💞මන් ටේහ්‍යුන්ට කතා කරත් එයා නැවතුනේ නෑ .එතකොට මන් හිතන් හිටිය දේ වැරදිද ?එතකොට එදා මට ජිමින් කියන්න ගිය ඇත්ත මේකද? මන් හිතන් හිටියෙ ටේහ්‍යුන් මාව කිඩ්නැප් කරා කියලා.එතකොට ඒ හැමදෙයක්ම කරේ බාප්පද ? මන් මොනාද මෙ කරේ.මන් ටේහ්‍යුන්ට රිද්දුවා.මට එයාගෙන් සමාවගන්න ඕනේ.මම ආයෙත් ටේහ්‍යුන් කතා කරන්න හද්දි තමා දැක්කෙ කාර් එකක් හයියෙන් එනවා.ටේ ඒක දැක්කෙ.මම ටේහ්‍යුන්ගෙ නම කියලා හයියෙන් කෑගැහුවත් මන් පරක්කු වැඩියි.මගෙ ඇස් දෙක ඉස්සරහම එයාව හැප්පුනා.

සෙමී ටේහ්‍යුන් ලගට දුවල ගිහින් ටේහ්‍යුන් ඔලුව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා.සෙමී ටේහ්‍යුන්ට කොච්චර කතා කරත් ටේහ්‍යුන් ඇස් ඇරිය නෑ .සෙමී අඩ අඩම කොල්ලව බදාගත්තා .ටේහ්‍යුන්ගෙ ලේ වලින් සෙමී ඇදන් හිටිය බ්ලවුස් එක තෙත් වුනා.සෙමී අඩන එක නවත්තලා ෆෝන් එක අරන් ඇම්බියුලන්ස් එකකට කතා කරලා ටේහ්‍යුන්ව එක්කන් හොස්පිටල් එකට ගියා.ටේහ්‍යුන් ඔපරේෂන් එකට ගන්න වෙලාවෙදි සෙමී ජන්කුක්ට කෝල් කරල වෙච්ච දේ කිව්වා.ටික වෙලාවක් ගියාට පස්සෙ ජන්කුක් යුන්ගි ජින් තුන්දෙනා හොස්පිටල් එකට ආවා.

💗 ටේහ්‍යුන් හොදින් නේද ?

💞එයාව ඔපරේෂන් එකට ගත්තා.🥺🥺🥺🥺

ඒත් එක්කම වගේ nurse  කෙනෙක් ඇවිත් පේපස් වගයක් ෆිල් කරන්න කිව්ව නිසා ජන්කුක් nurse  එක්ක ගියා.

💗ටේට මොනවත් වෙන එකක් නෑ සෙමී.බයවෙන්න එපා.

💞නෑ ජින් ඔප්පා .මන් හින්දා තමා ටේට එහෙම වුනේ.🥺🥺🥺🥺.මන් ගොඩක් නරක වයිෆ් කෙනෙක්.මන් මගෙ හස්බන්ව
විශ්වාස කරේ නෑ .මන් එයාට වෛර කරන්න ගත්තා.මන් කිසිම දෙයක් දන්නෙ නැතුව.කිසිම ඇත්තක් දන්නෙ නැතුව එයාට දොස් කිව්වා.මන් මගෙ දරුවන්ව ටේගෙන් ඈත් කරා.ටේ විදවන්නෙ මන් හින්දා.ටේට මොනාහරි වුනොත් මට මටම සමාවදීගන්න බැරි වෙයි.

🖤 ඔයා ඇත්ත දන්නවද ?

💞නේ ටේ ඇක්සිඩන් වෙන්න කලින් හැමදෙයක්ම කිව්වා.🥺🥺🥺.

💗දැන් වෙච්ච දේ වෙලා ඉවරයි සෙමී.ඔය දෙන්නගෙ අතින්ම වැරදි වුනා.ඔය දෙන්නම ඒකට විදෙව්වා.ආයෙ විදවන්න ඕනේ නෑ .ඔය දෙන්නම ඔයාලගෙ වැරදි තේරුම් අරන් ඉවරයිනේ.ටේට අවස්ථාවක් දෙන්න.හැම දෙයක්ම හොදින් සිද්ද වෙයි.ටේහ්‍යුන්ට මොනවත් වෙන්නෙ නෑ .ඔයා බයවෙන්න එපා.අපේ ටේ ගොඩක් ස්ට්‍රෝන් .

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now