⚡Chapter 12⚡

2.7K 367 38
                                    

💞 ඒ මොකක්ද ඒ වුනේ.මේ මනුස්සයට පිස්සුද ?වෙස් මාරැ වෙනවනේ හිටිය ගමන්.කට වහන්න කිස් කරන්න ඕනේද ?මාර වැඩක්නේ ඒක.කිස් කරානම් කමක් නෑ කියන්නකෝ හැපුවා.දත්නම් නෙමෙ තියෙන්නෙ .අම්මෝ තොල් දෙක දනවත් එක්ක.කොටිය කියන්නෙ නිකන්ද ඉතින්.මගෙ මූණ මෙලහකට රතු වෙලා ඇති .

❣️ඔන්නී.

💞සෝෆි කතා කරපු හින්දා මම රෑම් එකෙන් එලියට ගියා.පල්ලෙහට යද්දි මම ටේහ්‍යුන්ව දැක්කා.මට හිතෙන්නෙ මෙතනින් පැනල යන්න.ඇයි අනේ මොකක්ද වගේ.ටේහ්‍යුන්ගෙ කට කොනේ හිනාවකුත් තියෙනවා .ටේහ්‍යුන් සෝෆි එක්ක බලාගෙන හිටියෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න.මම බිම බලාගෙනම එතනට ගිහින් ටේහ්‍යුන්ට කෑම බෙදල දුන්නා .සෝෆිනම් ඉතින් තනියෙන් බෙදාගන්නවා.ඒත් එක්කම ටේහ්‍යුන් මගෙ අතින් ඇදල මාව පාත් කරා.

💚වෙච්ච දේවල් සෝට එහෙම කියනව නෙමේ.

💞ආ හරි.
ටේහ්‍යුන් මගෙ කනට ලන් වෙලා කිව්වෙ ඒක.ඒත් එක්කම එයා මගෙ අත අතෑරියා.සෝෆි හොද වෙලාවට දැක්කෙ නෑ .මමත් ඊට පස්සෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න රෙඩි වුනා.

💚මම සෝ එක්ක පල්ලෙහට වෙලා හිටියෙ එයා එනකන්.කෙල්ල කන්ෆියුස් වෙලාද දන්නෙ නෑ .🤣🤣🤣🤣.තාම ආවෙ නැති හින්දද කොහෙද සෝ සෙමීට කතා කරා.ඊට පස්සෙ තමා කෙල්ල උඩ ඉදන් ආවේ.මට පේන විදිහට කෙල්ල ඉන්න ලැජ්ජාවෙන්.පොඩි කිස් එකකට ඔහොමනම් වෙන දෙයක් සිද්ද වුනානම් කොහොම ඉදියිද ?🤣🤣🤣🤣

හිතේ පොඩි සැකයක් තියෙනවා සෙමී සෝට කියයි කියලා.මොකද සෝ සෙමී එක්ක ගොඩක් යාලුයි.ඒක හින්දම තමා මම සෙමීගෙ අතින් ඇදල මගෙ ලගට අරන් එහෙම දෙයක් කිව්වෙ.මන් බ්‍රෙක්ෆස්ට් එක ගන්න ගමනුත් බලන් හිටියෙ සෙමී දිහා.ඔරෙන්ජ් ජූස් එක මෙයා කොහොම බොයිද දන්නෙ නෑ .තොල් දෙක දනව ඇති .පව් කියලත් හිතෙනවා.ඒත් මන් මොකටද මෙයාට අනුකම්පා කරන්නෙ.ඕනෙ නෑ . බ්‍රෙක්ෆස්ට් එක ගන්න වෙලාවෙදි සෝ ඇහුවෙ දේ තමා මරැ.මන් පුදුම ගේමක් දීලා හිනාව නවත්ත ගත්තෙ.මගෙම නංගි තමා.

❣️ඔන්නි ඇයි ඔයාව රතු වෙලා.

💞 ආ ආ මේ .

💚මෙයාට හෙම්බිරිස්සාව හැදිල සෝ ඒකයි ඔය.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now