ʍʀ ɖɛʋɨʟ & ɦɨֆ ǟռɢɛʟ [BL] ❤...

By nikxigranger

35.2K 6K 356

ඩෙවින් සුවිනාශ් ඩී රෝයි ඇලෙක්ස් විනුරාද් ඩී රෝයි සහ ඉතාලි කාන්තාවක් වූ Alessia Felice Calabrese යුවලගෙ එකම පු... More

chapter 01 😇😈
chapter 02 😇😈
chapter 03 😇😈
chapter 04 😇😈
chapter 05 😇😈
chapter 06 😇😈
chapter 07 😇😈
chapter 08 😈😇
chapter 09 😈😇
chapter 10 😈😇
chapter 11 😈😇
chapter 12 😈😇
chapter 13 😈😇
chapter 14 😈😇
chapter 15😈😇
chapter 16 😈😇
chapter 17 😈😇
chapter 18 😈😇
chapter 20 😈😇
chapter 21 😈😇
chapter 22 😈😇
chapter 23 😈😇
chapter 24 😈😇
chapter 25 😈😇
chapter 26 😈😇
chapter 27 😈😇
chapter 28 😈😇
chapter 29 😈😇
chapter 30 😈😇
chapter 31 😈😇
chapter 32 😈😇
chapter 33 😈😇
chapter 34 😈😇
chapter 35 😈😇
chapter 36 😈😇
chapter 37 😈😇
chapter 38 😈😇
chapter 39 😈😇
chapter 40 😈😇
chapter 41 😈😇
chapter 42 😈😇
chapter 43 😈😇
chapter 44 😈😇
chapter 45 😈😇
chapter 46 😈😇
chapter 47 😈😇
chapter 48 😈😇
chapter 49 😈😇
chapter 50 😈😇
sweet moments ❤❤😈😇

chapter 19 😈😇

617 122 4
By nikxigranger

ඩෙවින් බාත් රූම් එකෙන් එලියට ආවෙ කොන්ඩෙ වතුරත් ගසන ගමන්.. කන්නාඩියෙන් ඩෙවින්ගේ රූපෙ දැක්ක මිකිල් නම් රතු උනා.. මොකද ඩෙවින් හිටියෙ ටවල් එක පිටින්... කොන්ඩෙන් වැටෙන වතුර බිංදු ඒ ඇස් තොල් උඩින් ගිහින් අන්තිමට නැවතුනේ ඩෙවින්ගෙ පපුවෙ... ඇස්පිල්ලන් වත් ගහන්නැතුව හිටිය මිකිල් හරි සිහියට ආවෙ ඩෙවින් ලඟට ඇවිත් ඔලුවෙ වතුර ගසද්දි.....

😇 එර්ර්ර් මොනාද මෝඩයෝ කරන්නෙ මිකිල් ඇහුවෙ රතු වෙච්ච මූනෙන්...

😈 ආහ් මෙයාට මාව ගිලින්න වගෙ බලන් ඉන්න හොඳයි මන් වතුර පොඩ්ඩක් ගැසුවම තමා අවුල් නේ... ඩෙවින් ඇහුවෙ හිනා වෙන ගමන්...

😇 ම..  මන්.... මන් බලන් හිටියෙ නෑ ඔයා දිහා කොල්ලා කිව්වෙ අහක බලන්...

කන්නාඩි මේසෙට අතකුත් තියලා මිකිල්ගෙ ඇඟට බර උන ඩෙවින් , මිකිල්ගෙ මූන එයාගෙ පැත්තට හරව ගත්තෙ මිකිල්ගෙ හාට් බීට් එකත් වැඩි වෙද්දි....

කලින් වගේම ඒ වෙව්ලන තොල් ඉස්සරහදි ඩෙවින්ගෙ ලිමිට් නැති වෙද්දි ඩෙවින් බර උනේ මිකිල්ගෙ තොල් වලට... සීතලේ හිටිය ඩෙවින්ට ඒ තොල් වල රස්නෙ දැනෙද්දි එයා තව තවත් මිකිල්ගෙ තොල් එක්ක පැටලුනා.. මිකිල්ගෙ අත් ඩෙවින්ගෙ පිට පුරා ගියේ ඩෙවින්ගෙ සිපගැනීමට තවත් අනුබල දෙමිනුයි..

මිකිල්ගෙ තොල් වලින් මෑත් උන ඩෙවින් ඊලඟට මිකිල්ගෙ බෙල්ල කිස් කරන්න ගත්තේ සියුම් සැපුම් පාරවල් දෙක තුනකුත් මිකිල්ගෙ බෙල්ල මත රැඳෙද්දි... ඒත් හදිස්සියේම ඩෙවින් මිකිල්ගෙන් ඈත් උනේ එයා මේ කරන දේ වැරදී කියලා ඩෙවින්ගෙ හිත කෑ ගහද්දි....

ඩේව්... කෝ මෙතනින් ඉඳ ගන්න.. කන්නාඩි මේසෙ ලඟ ස්ටූල් එකෙන් ඩෙවින්ව ඉන්දපු මිකිල් එයා අතේ තිබුන ටවල් එකෙන් ඩෙවින්ගෙ කොන්ඩෙ පිහි දැම්මෙ කොන්ඩෙන් තාම වතුර බේරෙන නිසා....  මුකුත්ම නොකියා ඩෙවින් මිකිල්ගෙ මූන දිහා බලන් හිටියෙ ඒ ආදරේ ඩෙවින්ට ඕනවටත් වඩා දැනෙද්දි.....

ඩෙවින්ගෙ කොන්ඩෙ පිහිදාලා එතනින් යන්න ගිය මිකිල් නැවතිලා ඩෙවින්ගෙ නලලට චුටි කිස් එකක් දුන්නෙ මන් ආදරෙයි ඩේව් ❤ කියන ගමන්...

ආයෙමත් යන්න හදපු මිකිල්ව ඩෙවින් ලඟට ඇදලා ගත්තෙ මිකිල් ඩෙවින්ගෙ ඔඩොක්කුවෙ ඉන්ද වෙද්දියි..

😇  ඩේව්.... 😳

😈 මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න... ඩෙවින් කිව්වෙ මිකිල්ගෙ ඉන වටා අතකුත් දාන් මිකිල්ගෙ පිටට මූනත් තද කරගෙනයි.....

😈 මට සමාවෙන්න... විනාඩි ගානකට පස්සෙ ඩෙවින් කතා කලා...

ඩෙවින්ගෙ පැත්තට හැරිලා අත් දෙකෙන්ම ඩෙවින්ගෙ මූන අල්ල ගත්ත මිකිල් ඇහුවෙ ඇයි එයාගෙන් සමාව ගන්නෙ කියලා.....

මුකුත් නෑ කියලා ඩෙවින් අහක බලා ගත්තත් ඒ ඇස් වල තිබුන කඳුලු මිකිල් හොඳටම දැක්කා....

හවස් වරුවෙ කරන්න වැඩකුත් නැති එකේ දෙන්නා ටීවි එක දා ගත්තෙ ෆිල්ම් එකක් බලන්න. මිකිල් පොප් කෝන් පෙරේතයෙක් කියලා දන්න නිසා ඩෙවින් බටර් පොප් කෝන් හැදුවෙ ෆිල්ම් එක පටන් ගන්න කලින්....

ෆිල්ම් එකක් බලමු කියපු ගමන්ම මිකිල් නම් කිව්වෙ horror movie එකක් බලමු කියලා..

ඒත් ඩෙවින් නම් කොහොමටවත් ඒකට කැමති උනේ නෑ... මොකද මේ චණ්ඩි කොල්ලා කාටවත් බය නැති උනාට හොල්මන් වලට නම් සෑහෙන්න බයයි...

මේක ඇහුවම නම් මිකිල් සෑහෙන වෙලා ඩෙවින්ව චාටර් කරා.. කොච්චර චණ්ඩියෙක් උනත් වැඩක් නෑ නෙ ඉතින්... 🤭

කොහොමහරි අන්තිමට දෙන්නා බලන්න ගත්තෙ godzilla....

ෆිල්ම් එක බලන අතරෙම මිකිල්ට නින්දෙ ගිහින් තිබුනෙ ඩෙවින්ගෙ උරහිසෙන් ඔලුවත් තියාගෙන....

ඩෙවින් බැලුවෙ මිකිල්ගෙ මූන දිහා... තදින් පියවෙලා තිබ්බ ඒ ඇස් පිහාටු වල ඇඟිලි අරන් ගිය ඩෙවින් ඊලඟට නැවතුනේ මිකිල්ගෙ චබී කම්මුල් වල.. චූටි බබෙක්ගෙ වගේ සිනිදු කම්මුල් දෙකක් තමයි මිකිල්ට තිබ්බෙ.. ඒ එක්කම මිකිල්ගෙ තොල් වලත් ඇඟිලි අරන් ගිය ඩෙවින් දැක්කෙ මිකිල්ගෙ බෙල්ලෙ තිබ්බ හයිකි... ඒවා දකිද්දි අන්තිමට ඩෙවින් හරියට තේරුම් ගත්තා එයා මිකිල්ට ආදරේ කරනවා කියලා... මිකිල්ගෙ කොන්ඩෙ අතරින් ඩෙවින් චුටි කිස් එකක් දුන්නෙ හිතෙන් දහස් වරක් සමාවෙන්න කියන ගමන්...

එහෙම්ම මිකිල්ව අත් දෙකට අරන් ඇඳෙන් ගිහින් තිබ්බෙ හරි හිමීට... මිකිල්ට ශීට් එකකුත් දාලා ඩෙවින් කිචන් එකට ආවෙ ඩිනර් ලෑස්ති කරන්න...

හෙන චෙප් වගේ කිචන් එකට ආවත් ඉතින් කොල්ලා දැනන් හිටියෙ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි.....

ඒත් ඉතින් මුකුත් හදන්න ගෙදර බඩු මුකුත් තිබුනෙ නැති නිසා පර්ස් එකත් අරන් කොල්ලා ගියේ මාකට් එකට...

අතට අහු වෙන ඔක්කොම බඩුයි මිකිල්ට කඩචෝරු බෑග් එකකුයි අරන් ගෙදර ආපු ඩෙවින් බැලුවෙ දැන් මොනාද හදන්නෙ කියලා...

හාල් ටිකත් හෝදලා කුකර් එකට දාලා ඊලඟට ගත්තෙ සෝයා මීට් පැකට් එකක්.. හරියටම හදන විදිය දන්නැති උනත් පැකට් එකේ විදියට ඒකටත් උණු වතුර දාලා.. ලූණු අමු මිරිස් ටික කැපුවෙ සෝයා මීට් ටික තැම්බෙද්දි... කොහොම හරි පැකට් එක බලන් ඒක හැදුවත් චුට්ටක් කාලා බැලුවම කොල්ලගෙ කටත් බෙරි උනේ ලුණු වැඩි නිසා.. 😅  මොනා කරන්නද ඉතින්.... බිත්තර දෙකකුත් ඔම්ලට් දාලා වැඩ ඉවර කරේ ලූණු කපන්න ගිහින් අන්තිමට අතත් කපාගෙනමයි.. අතෙන් පොඩ්ඩක් ලේත් එද්දි කුස්සියේ භාජන ඔක්කොම සෝදලා අස් කරේ මිකිල්ගෙන් බැනුම් අහන්න වෙන නිසා...

ඩිනර් ගන්න තව වෙලා තියෙන නිසා මිකිල්ව දැම්ම ඇහරවන්නෙ නැතුව හිටපු ඩෙවින් ගියෙ firstaid box එක ගන්න.....

~Blackcoffee~

Continue Reading

You'll Also Like

19.7K 2.8K 39
ඇත්තටම මට එයාව හම්බුනේ එදා සෙමෙට්‍රි එකේදි. මම ස්ට්‍රේට් කොල්ලෙක්, නිකන් ම නෙවෙ, මම කිසිම දෙයක කිසිම පාලනයක් නැති sex addicted ස්ට්‍රේට් කොල්ලෙක්. ඒ...
5.8K 229 26
MI CORAZÓN DE MELÓN LA NIÑA DE MIS OJOS
117K 17.7K 59
එක් අසම්මත පෙම් කතාවක්.... පරිණත අන්තර්ගතයකි 🔞🥲
78.9K 15.2K 82
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න ...