26 වන අහම්බය 🌿

37 6 4
                                    

යුන්ගි බිල්ඩින් එකෙන් එලියට ගිහින් ටිකක් විතර ඇවිදලා තරහ , දුක පාලනය කරගෙන ආපහු එද්දී රෑ වෙලා තිබුනා.කාමරෙට ආපු යුන්ගිට හොසොක් ව සහ නම්ජුන්ව දකින්න ලැබුනෙ නැහැ.ආපහු එලියට ආපු යුන්ගිට කොරිඩෝවෙ ගමන් කරමින් හිටිය ගැහැණු අයිඩල් කෙනෙක් කතා කරලා රෑ කෑම ගන්න යන්න ඇති කියලා කිව්වා. එහෙ මෙහෙ බලපු යුන්ගි කැන්ටිම් ශාලාවට ගියා.

යුන්ගි කැන්ටිම් ශාලාවට ගියා. නම්ජුන් එක්ක හොසොක් කෑම ගන්න ගමන් තමයි හිටියෙ. යුන්ගි එකපාරක් ඒ දිහා බලලා ආපහු නොබලා කැන්ටිමෙන් කෑම එකක් අරගෙන කොනට වෙලා තනියම පාඩුවේ කෑම කන්න ගත්තා.හොසොක් කන එකත් ටිකකට නවත්තලා යුන්ගි දිහා බලන් හිටියා. යුන්ගි හිටියෙ එයා කලින් හිටපු කාලෙ වගේම වටේ හෙන ගැහුවත් නොදැනෙන ගානට.හොසොක්ට යුන්ගි තනියම ඉන්න එක ගැන දුක හිතුනා.යන්න හිතුනත් ඉන්න තත්වෙ අනුව එම කරන එකත් හරියන්නෙ නෑ කියලා හොසොක්ට හිතුනා.

ටික වෙලාවකට පස්සෙ ඇතුලට ආපු ගෑහැණු ළමයි තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් එක මේසෙක වාඩිවෙලා එක්කෙනෙක් වාඩිවෙනවදෝ නැද්දො කියලා දෙගිඩියාවෙන් හිටියත් කොහොමහරි යුන්ගි ඉස්සරහින් වාඩි වුනා.
කතා නොකරම ඉන්න එක ටිකක් අපහසු වුන නිසා ඒ ගැහැණු ළමයා යුන්ගි එක්ක කතාවට මුල පිරුවා.

" හායි යුන්ගි , මම ලියා

" හායි මමනම් ඉතින් දන්නව ඇතිනෙ

" අනේ මෙහෙම ඇහුවට සමාවෙන්න ඇයි ඔයා අද දුකින් වගේ

අහම්බෙන් හම්බුණ ගැහැණු ළමයෙක් උනත් යුන්ගිට ඒ කෙල්ල ගැන ගෞරවයක් හිතුනා.

" අපිට ඉතින් කොයි වෙලාවෙත් ප්‍රශ්නනෙ ලියා

" හ්ම්ම් , ඒක නම් ඇත්ත යුන්ගි ඔප්පා

දෙන්න කතාවෙන් කතාවෙන් යාළුවො වෙන්න එච්චර වෙලා ගියෙ නැහැ. යුන්ගි හිනාවෙවි ලියා එක්ක කතා කරන දිහා හොසොක් දුර තියෙන මේසෙ ඉදන් කල කිරීමෙන් බලන් හිටියා.

" ඉතින් යුන්ගි ඔප්පා රිලේෂන්ෂිප් එකක් තියෙනවද දැන් කා එක්කහරි ?

යුන්ගි ඒක ඇහුවට පස්සෙ හුස්මක් හෙලුවා.

" හ්ම්ම් , තියෙනවා නැ තිබුණා

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

අහම්බය | SOPE Where stories live. Discover now