18 වන අහම්බය 🌱

43 5 0
                                    

විශ්ව විද්‍යාලයේ සීනූව නාදවෙනවත් එක්කම පන්තියේ නිදාගෙන හිටිය ජේසින් අවදිවුනා.පන්තියේ හිටිය ලීසන් ජුන් යොංහී එක්ක එලියට යන ගමන් හිටියෙ , ජේසින් හිටපු තැනින් නැගිටලා යන්න ගියා.කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියපු ජේසින් ගාවට හරස් පාරෙන් ඉස්සරහට ආවෙ හා ඉන්සෝ , ජේසින් කිසි හැඟීමක් නැතුව එයා දිහා බලන් හිටියා.

" හේයි , ජේසින් තමුන් අලුත් ශිෂ්‍යයින් දෙන්නගෙ ආරක්ෂකයා කිව්වනෙ , මම තමුන්ට ඔට්ටුවක් දානවා පුළුවන් නම් අර හොසොක් කියන ශිෂ්‍යයව මගෙන් බේරගෙන පෙන්නන්න.

" මොකක් , උබ මගෙත් එක්ක තියෙන ප්‍රශ්නවලට ඒ අහිංසකයා අල්ලගන්නෙ ඇයි ?

" ඇයි තමුන්නෙ උන් දෙන්නගෙ ආරක්ෂකයා , තමුන් යුතුකම ඉටුකරන්න ඕනෙ , එහෙම නේද ?

" උබ මොකක්ද එපාර කරන්න යන්නෙ ?

හාඉන්සෝ සහ ජේසින් වාද කරගන්නවා දැකපු යොංහි ඉක්මනට එතනට ආවෙ ලීසන්ජුන් නවත්තන්න හදලත් බැරී වුන තැන,යොංහී එනවත් එක්කම හාඉන්සො මද හිනාවක් දාලා එතනින් යන්න ගියා.

" ගොල්ලොහ් , මොකද වුනේ ?

" මුකුත් නෑ අපි යමු

" ඒත්

යොංහීට වචනයක් කියන්න නොතියා ජේසින් එතනින් යන්න ගියා.ජේසින් ගියාට පස්සෙ සන්ජුන් එතනට ඇවිල්ලා ගමකට ගහන්න වගේ යන ජේසින් දිහා බලාගෙන හිටියා.ජේසින් ඉක් ඉකමනට ආවෙ හොසොක් ඉන්නවද බලන්න.නේවාසිකාරයෙ දොරට සද්දෙ ඇහෙන්න පාරක් දීලා ජේසින් කාමරේට ආවා.ඒ නිසා ඇතුලෙ නිදාගෙන හිටපු යූන්ගි. වගේම හොසක් දෙන්නම ටිකක් බය වුනා.යුන්ගි ජේසින්ට කතා කලා.

" මොකද වුනෙ හ්යුන්

" කෝ හොසොක් ඉන්නවද ?

" මේ ඉන්නෙ හ්යුන් , ඇයි ?

" නෑ නෑ මුකූත් නෑ

ටික වෙලාවකට පස්සෙ යොංහිත් කාමරේට ආවා.ජේසින් ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා කතා කලා.

" ඒයි මහ යෝධයා , අද පුස්තකාලෙට යනකොට හොසොක් මල්ලිවත් එක්කරගෙන යන්න

" හ්ම් , ඕන්නම් දැන්මම යන්න පුළුවන්, හොසොක් එනවද ?

" හරි යමු හ්යුන්

අහම්බය | SOPE Where stories live. Discover now