23 වන අහම්බය 🌿

21 6 6
                                    

උදේ කළින්ම අවදි වුන ජන්කුක් කුස්සියට ගිහින් රාමෙන් තුනක් හදන්න ගත්තා. දෙකක් අනිත් හතර දෙනාට දීලා එකක් යුන්ගි ඉන්න කාමරේට අරන් ගියා.ජන්කුක් රාමෙන් එක ළග තිබිච්ච මේසයක් උඩින් තියලා යුන්ගි ළගට ගිහින් පිටිපස්සෙන් තුරුලු වුනා. පිටින් බලන කෙනෙක්ට තාත්තයි පුතයි කියන්න තරම් බැඳීමක් ජන්කුක් සහ යුන්ගි අතර තිබුනා.ජන්කුක්ට යුන්ගිගෙ උණුසුමට තුරුලු වෙන්න ලැබුනෙ මාස පහකට විතර පස්සෙ ,

" යුන්ගි හ්යුන්

" ම්ම්

" රාමෙන් එකක් කමුද ? දැන් නැගිටින්න

" හ්ම් , ඉතින් මොකද බන් බදාගෙන ඉන්නෙ මම කොහෙවත් යන්නෙ නෑ

" නෑ මට බයයි මෙච්චර කල් අපිව දාලා ගිහින් හිටියෙ

" ඒක ඉතින් හිතල කරපු දෙයක් නෙවෙයිනෙ ජන්කුකා

" ඒත් හොබි හ්යුනුත් අපිව දාලා හිතලම යන්න හැදුවේ මතක නැද්ද?

" හ්ම් හරි ඇති ඇති පණ්ඩිතකම් කන්න මොනවද තියෙන්නෙ

ජන්කුක් කිරි එකක් යුන්ගිට දික් කරා.යුන්ගි කිරි එක බීලා රාමෙන් එක දෙන්නත් එක්ක කාලා ඉවර කලා. යුන්ගි ජනේලෙ ගාවට ගිහින් ඈත බලන් හිටියා.ජන්කුක් පිටිපස්සෙන් ඇවිත් යුන්ගිගෙ කරට අතක් දාගෙන ඈත දිහා බලන් හිටියා.ඉදලා හිටලා යුන්ගිගෙ සුදුමැලි මූණ දිහා ජන්කුක් ඇහැක් යවලා බැලුවා.

"මොනවද හිතන්නෙ යුන්ගි හ්යුන් , හොබි හ්යුන් ගැනද ?

" හ්ම්ම්

ඒත් එක්කම නලා හඩක් ඈතින් ඇහෙන්න ගත්තා.

" හ්යුන් සද්දයක් ඇහෙනවද ?

" ඔව් යමන් බලන්න

ජන්කුක් යුන්ගි එක්ක පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහාට ගිහින් බැලුවා.ඇම්බ්යුලන්ස් එකක් අපාර්ට්මන්ට් එක ඉස්සරහ නවත්තලා තිබ්බා.ටික වෙලාවකට පස්සෙ නලා හඩ නැවතුනා.

ඇම්බ්යුලන්ස් එකෙන් හොසොක් බැස්සට පස්සෙ වාහනෙ ආපහු නලා හඩත් දාගෙන හැරිලා යන්න ගියා. හොසොක්ව දැකපු ජන්කුක් සතුටින් හොසොක්ගෙ ළගට දුවගෙන ගියා.
තමන්ගෙ පැත්තට වේගෙන් දුවගෙන එන ජන්කුක් දැකලා හොසොක් තමන්ගෙ අත් දෙක දෙපැත්තට කලේ හග් කරන්න කියන්න වගේ,ජන්කුක් හොසොක්ව වැලදගෙන ඉන්නකොට යුන්ගිත් එතනට ටිකක් ළංවෙලා ඒ දිහා බලන් හිටියා.

අහම්බය | SOPE Where stories live. Discover now