14 වන අහම්බය 🌱

35 7 4
                                    

" හේයි උඹලා කවුද ? කොහොමද උඹලා මෙහාට ආවෙ

කොණ්ඩෙ මූණට වැටිලා ඒවගේම දිගට වවලා හිටපු කළු පාට හම් වලින් හදපු ලොකු කබායක් ඇදන් හිටිය ඒ මනුස්සයා ඇහුවෙ හොසොක් ගෙ දිහා බලාගෙන නොව යුන්ගිගෙ දිහා බලාගෙනයි.

" උඹලා මෙහෙට ආවෙ කොහොමද ?

ඒ මනුස්සයා ඇහුවෙ දෙන්නගෙ කටවල් වහලා තිබිච්ච අත් දෙක අතහරින ගමන් පහත් වෙලා.

" අපි අතරමං වෙච්ච අය හ්යුන් , වැරදීමකින් මෙහාට එන්න සිද්ද වුනේ

" උඹලට හොදටම මහන්සී පාටයි , ඒ සුදු කොල්ලා උඹේ නම මොකක්ද ?

" මින් යුන්ගි මේ ජන් හොසොක්

" හ්ම් , මූ නම් කැරලිකාරයෙක් වගේ පේන්නෙ නෑ , ඒත් උඹ නම් සැකයි ,

ඒ මනුස්සයා එහෙම කිව්වෙ යුන්ගි දිහා බලන ගමන්

" ජෙපල් , අපිට උදව් කරන්න හ්යුන් , අපි ඇත්තටම අතරමං වුන අය

යුන්ගි එහෙම අයැද සිටියා.ඒත් එක්කම මේ වෙනකන් සිද්ද වුන හැමදෙම එකින් එක ඒ මනුස්සයට කිව්වා.

" හ්ම් උඹලට ඔය ඇදුමින් නම් ඇතුලට යන්න බෑ , වරෙන් මාත් එක්ක ඉක්මනට

ඒ මනුස්සයා එහෙම කියලා කන්දෙන් ගමට යන්න තිබුන පාරට එහාපැත්තෙන් වැටිච්ච කෙටි හොර පාරෙන් යුන්ගි සහ හොසොක්ව ගස් කොලං වලින් වටවෙලා තිබිච්ච බංකරේකට එක්කරගෙන ගියා.ඒ මනුස්සයට හොසොක්ව දැක්කම ඇති වුන අනූකම්පාව නිසා තමයි එහෙම උදව් කරන්න හිතුනෙ.

" මෙතන හිටපන් මම එනකන් මම ඉක්මනටම එනවා , අඩියක් හෙල්ලෙන්න එපා , මෙහෙ ඉන්න මිනිස්සු ටිකක් අමුතුයී හරිද , අරස්සො ?

යුන්ගි සහ හොසොක් ඔලුව පහත් කල්ලා ඔව් කිව්වා.හොසොක් හිටියෙ බයේ ගැහි ගැහි වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව .

" යුන්ගි හ්යුන්

" ම්ම්

" ඒ මනුස්සයා දරුණු වුනත් හොදයි කියලා මටනම් හිතෙනවා

" ඔව් , එත් මේ කොයි වගේ තැනක්ද කියලා අපි දන්නෙ නෑනෙ හොසොක් බලන් ඉමු

විනාඩි දහයකට විතර පස්සෙ කළු හම් මල්ලක් එක්ක එතනට පාත් වුනේ අර මනුස්සයා.

අහම්බය | SOPE Where stories live. Discover now