17 වන අහම්බය 🌱

39 3 2
                                    

ගහක් උඩ රැය ගත කරපු ජේසින් උදේ පාන්දරම ඇවිත් නේවාසිකාගාරේට ආවා .කාමරේ දොර ඇරපු ජේසින් දැක්කෙ කිම්යොන්හී පැත්තකට වෙලා ඉන්න හැටි සහ හොසොක් යුන්ගිට තුරුලු වෙලා නිදාගෙන ඉන්න හැටි , හොසොක් තුරුලු වෙලා හිටපු හැටියට ජේසින්ට ගොඩාක් අනුකම්පා හිතුනා.

" පව් අහිංසක කොල්ලා "

ඒත් එක්කම ජේසින් ඊලගට අවදානෙ යොමු කලේ යොන්හීට ,

" ඒයි මහයෝධයා නැගිටිනවා , බලනවා වෙලාව ,තමුන් හොදටම පරක්කූයි

ජේසින් කකුලෙන් ඇනලා යොන්හීව අවදි කරන්න උත්සාහ කලා.

" මොන මගුලක්ද උදේ පාන්දර

"ඉක්මනට මූණ හෝදගෙන එනවා විශ්ව විද්‍යාලෙට" ,

ජේසින් එහෙම කියලා නේවාසිකාගාරෙන් ඉක්මනට පිටවෙලා යන්න ගියා.

ඇස් දෙක පිහිදදා හිටපු යොන්හී හොසොක් යුන්ගිව තුරුලු කරන් ඉන්නව දැක්කම ටිකක් ගැස්සිලා ගියා.ඒත් එක්කම හොසොක් ළඟට ගියපු යොන්හී හොසොක්ගෙ නළලට අත තියලා බැලුවා.හොසොක්ගෙ හිස පොඩ්ඩක් අත ගාලා. ඉක්මනට මූණ හෝදගෙන ඇවිත් ඇඳුම් මාරු කරගෙණ යොන්හී විශ්ව විද්‍යාලෙට යන්න ලෑස්ති වුණා, ඒත් එක්කම හොසොක් නින්දෙන් ඇහැරුනා ,

" හ්යුන් , කොහෙද යන්නෙ ?

" විශ්ව විද්‍යාලෙට යනවා හොසොක් එද්දී හවස් වෙයි , මම යනවා හොසොක්

හොසොක් යොන්හීට අත වනලා සමුදුන්නා.හොසොක් එලියට ගිහින් මූණ හෝදගෙන ඇවිත් යුන්ගිට අවදි කලා.
උදෑසන දහය වෙනකන්ම නේවාසිකාගාරට
වෙලා දෙන්න කලේ ඔහේ බලාගත්තු අත බලන් ඉන්න එක.එකොලහ විතර කිට්ටු වෙද්දී හොසොක්ට බඩ්ගින්නක් ආපු නිසා යුන්ගිට කරදර කල්ලා කොහොමහරි පොල පැත්තට යන්න තීරණය කලා.

ගම්මානේ පොලට ගිය හොසොක්ට දකින්නට ලැබුනෙ ගොඩක් එලවළු , මස් කඩවල් සහ පොත් විකුනණ කඩවල්.පොල පුරාම ඇවිදපු යුන්ගි හොසොක් නැවතුනේ සම්ක්‍යෙථං කඩයක් ලඟ.යුන්ගිට එවෙලෙයි මතක් උනේ තමන් ළග ඒවා මිලදී ගන්න සල්ලි නැහැ කියලා.සම්ක්‍යෙථං වල සුවඳට දෙන්නගෙ බඩගින්න තවත් වැඩිවුනා.යුන්ගි වෙලදසැල ඇතුලට ගිහින් කඩ හිමියත් එක්ක කතා කරන්න ගත්තා.එ වෙලාවෙ ඒ කඩේ වැඩිය සෙනඟක් හිටියෙ නැහැ.කඩේ කරගෙන ගියෙ ටිකක් වයස හතලිහක් විතර පෙනුම තියෙන කාන්තාවක්.

අහම්බය | SOPE Donde viven las historias. Descúbrelo ahora