ඒ වෙද්දී රෑ හතට විතර ඇති , හවස ඉදන් පැය හතරක් විතරම හොසොක් සහ යුන්ගි හිටියෙ මර නින්දේ ,
" යුන්ගි හිටියෙ හිර කූඩුවක් ඇතුලේ හිර වෙලා , ටික වෙලාවකින් යුන්ගිට එලියෙන් අඩි සද්දයක් ඇහෙන්න ගත්තා ඔව් ඒ හොසොක්, හොසොක් එතෙනට කලබලෙන් දුවගෙන ආවා , යුන්ගිට කන්න හිර කූඩුවට කෑම එක ගෙනාපු හොසොක් කෑම එකත් අතේ තියාගෙන හොදටෝම අඬන ගමන් යුන්ගි දිහා රතු වෙච්ච ඇස් වලින් බලන් හිටියා.
" හොසොක් ඇයි අඬන්නේ. පැටියෝ , මම මෙහාට කොහොමද ආවේ ?
" එයාලා ඔයාව එක්කරගෙන ආවා හ්යුන් , ඔයාගෙ බෑග් එකේ තිබිලා අයිස් අහුවෙලා
හොසොක් ඒ ගමන් තවත් අඬන්න ගත්තා.
යුන්ගිට තවත් හොසොක් අඬන එක දරාගෙන ඉන්න බැරි වුණා. යුන්ගිට මහා දුක් වේදනාවක් එක්ක කෝපයක් ඇතිවුණා.හොසොක් මහා විලාප තියද්දී පොලිසියේ ඔෆිසර් කෙනෙක් ඇවිත් හොසොක්ව බලෙන් ඇදන් එක්කරගෙන ගියා.
" එපා මට ඉන්න දීපන් , මම ආවේ හ්යුන්ට කෑම එක දෙන්න , මාව අතෑරපන් ..
" හොසොකා , එපා මගේ හොබිට පාඩුවේ ඉන්න දීපන්...
යුන්ගි මහා හඬින් විලාප තිව්වා.ඔෆිසර්ලා කිසිම ගාණක් නැතුව හොසොක්ව ඇදගෙන ගියා.යුන්ගි බිම වැටිලා ඇඬුවා තමන්ට කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නැති බව යුන්ගි දැනගත්තම යුන්ගි හෙමිහිට මෙහෙම කිව්වා
" අ.අනේ මගේ හොබිව මගෙන් ඈත් කරන්න එපා අ.අනේ"
යුන්ගි ඒත් එක්කම සිර කාමරේ තද අන්ධකාරයේ ගිලුණා.
" යුන්ගි , හ්යූන්
" අනේ හොබි මාව දාලා යන්න එපා හෝ.හොබී
" හ්යූන් , මොකද මේ ?
යුන්ගි හිටියෙ ගැහි ගැහී වෙව්ලමින් ඒත් තමන්ගේ ඉස්සරහ හිටපු ඒ දිලිසෙන රූපේ යුන්ගි දැක්කා.
" මො.මොකක් හො.හොබී ඔයා ඉන්නවද ?
යුන්ගිට දැනුනේ මහා අන්ධකාරයක් ගෙවිලා ආලෝකයක් ලැබිච්ච වගේ.යුන්ගි ගොඩක් කලබලෙන් හොසොක්ව වැලද ගත්තා.
" හීනයක් විතරයි එක හ්යූන්
" මාත් හිතනවා එක හීනයක්ම වෙන්න කියලා .
YOU ARE READING
අහම්බය | SOPE
Randomයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨