22 වන අහම්බය 🌿

28 5 0
                                    

විනාඩි පහක් විතර ගෙවිලා ගියා.තේහ්යොන් හිටියේ ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන හරියට එලියට එන්න බැරිව හිරවුණ මායාවක් වගේ. ජිමින්ගෙ කොණ්ඩෙ සුදු පුල්ලි පුල්ලි හිටින විදිහට යාන්තම් පොඩි හිම වැස්සක් පටන් ගත්තා.

" ඒ තේහ්යුන්

" තේහ්යුන්ආආ...

ජිමින් ටිකක් සද්දෙන් නම කියල කතා කරපු නිසා තේහ්යොන් ටිකක් ගැස්සිලා ගියා.

" ඕ ජිමින් මේ..මේ මම කියන්න තියෙන්නෙ කියන්න හැදුවේ.

" ඔව් ඔව් ටේ කියන්න

" මේ..මේ අ..අර අර අතනින් කෝපි එකක් බොමුද ඉස්සෙල්ලා හිම වැටෙනවනෙ අපි යන්

තේහ්යුන් ජිමින් එක්ක කඩේ ළගට ගියා ඒ කඩේ එච්චර සෙනග හිටියෙ නම් නැහැ.වෙලාව අට විතර වුන නිසා ෂොප් එක වහන්න ඔන්න මෙන්න තිබුනෙ.

" මහත්තයා ෂොප් එක වහන්න එපා

" ආ , මේ කවුද

කඩේ අයිතිකාරයා එක පාරක් බලලා දෙවනිපාර බැලුවේ ඇස් දෙකත් පිහිදින ගමන් ,

" මේ , bts ලද , ඔයාලද මේ , අනේ මටනම් මේක අදහගන්නවත් බෑ එන්න එන්න ඇතුලට එන්න

ජිමින් තේහ්යුන් දෙන්නව හිනාවකින් පිලිඅරගෙන අයිතිකාරයා කඩේ දොර ආපහු උඩට කරා. දෙන්නා යන දිහා අයිතිකාරයා හිනාවත් එක්කම කට ඇරගෙන පුදුමෙන් දෙන්නගෙ දිහා බලන් හිටියා.

කඩේට ඇතුලු වුනාට පස්සෙ දකින්න ලැබුනෙ හතරවටේටම එයාලගෙ පින්තුරමයි. ඒත් එක්කම ජිමින්ට ඇහැ ගියේ එයාගෙම පොටෝ එකක් විශාල කරලා ගහලා තියෙන එකට ,

එත් එක්කම අයිතිකාරයා දෙන්න ළගට ආවෙ ලස්සන පොතකුත් උස්සගෙන ,

" අනේ මේකෙ අත්සනක් දාලා දෙන්න පුළුවන්ද ? අනේ කරුණාකරලා..

ජිමින් තේහ්යුන් දෙන්නම අත්සන් කරලා ඉවර වුනාට පස්සෙ එයා ඒ පොත තුරුලු කරගත්තා.

" ඔයාලට මොනවද ඕනෙ , ඕන දෙයක් කියන්න තියෙන හොදම එකෙන් ගෙනත් දෙන්නම්

" අපිට කෝපි දෙකක් ගේන්න ඒ ඇති ,..

" හරි , හරි ඉක්මනටම ගේන්නම් ටිකක් ඉන්න

අහම්බය | SOPE Where stories live. Discover now