15 වන අහම්බය 🌱

34 6 3
                                    

හොසොක් ගේ දෙපැත්තෙන් ඉදගෙන හිටිය යොන්හා සහ වෛද්‍යවරයා බෙහෙත් ඖෂධ ලෑස්ති කරගෙන හොසොක්ට ප්‍රතිකාර කරන අතරතුරේදී ජේසින් යුන්ගි සමග ගමේ සංචාරය කලා.පලමුවෙන්ම ගියේ විශ්ව විද්‍යාලය යුන්ගිට පෙන්වන්න.

" මේ අපේ විශ්වවිද්‍යාලය , සන්ක්යුන් ක්වාන් විශ්ව විද්‍යාලය , මේ අවට තියෙන ගම්මාන පහෙන්ම ලොකුම විශ්වවිද්‍යාලය මේක, විභාගය හොඳින් සමත්වන අයට රජයේ ලොකු තනතුරු ලැබෙනවා.

" පිටස්තර අයටත් ඉගෙන ගන්න පුළුවන්ද මෙතනින් ?

" පුළුවන් ඒත් ඊට කලින් රජතුමාට තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න අවශ්‍යයි , ඒක නෙමෙ ඇයි එහෙම ඇහුවෙ.

" ආ , ඒක එච්චර දුර දිග හිතලා නෙමෙයි කිව්වෙ , ඉගෙන ගන්න එක කොහොමත් හොදයි නෙ

" ඔව් ඒක හරි "

දෙන්නා කතා කර කර ඉන්න අතරතුරදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයො දෙන්නෙක් තමන්ගෙ පැත්තට එනවා යුන්ගි දැක්කා යුන්ගි හැරිලා බැලුවත් ජේසින් ඔවුන් දෙන්නව සතපහකට වත් ගනන් ගත්තෙ නෑ ,

ඒ ආපු දෙන්නගෙන් එක්කෙනෙක් යුන්ගිත් එක්ක මදක් හිනාවෙලා ආපහු හැරිලා යන්න ගියේ ජේසින් එතන හිටපු නිසා.

" ඒයි , ලීසන් ජුන් , කොහෙද යන්නෙ?

දෙන්නගෙන් අනිත් කෙනා එහෙම කියලා කතා කරත් ඔහු පිටිපස්ස නොබලාම යන්න ගියා. ආයෙත් ඒ කෙනා ජේසින් එක්ක කතාව පටන් ගත්තා.

" ගොල්ලොහ් , මේ අර අලුතින් එක්කන් ආපු ශිෂ්‍යයො දෙන්නගෙන් එක්කෙනෙක්ද ?

" ඔව් , මින් යුන්ගි මෙයාගෙ නම

" ආ , හමුවීම සතුටක් මම කිම්-යොන්-ෂික්

යොන්හී යුන්ගිට ආචාර කරලා ආපහු කතාව පටන් ගත්තා.

" ඉතින් කෝ ඔයාගෙ අනිත් සගයා යුන්ගි

" එයාට ටිකක් අසනීපයි ප්‍රතිකාර කරන ගමන් ඉන්නෙ , දැන්නම් නිදි ඇති

විනාඩි පහක් විතර ආගිය තොරතුරු කතා කර කර හිටපු තුන් කට්ටුව එතනින් යන්න ලැහැස්ති වුනා.

" ඒයි , මහයෝධයා පුස්තකාලෙ පැත්තට යමුද ? යුන්ගි පොත් කියවන්න ආසයි කියන්නෙ

අහම්බය | SOPE Où les histoires vivent. Découvrez maintenant