9 වන අහම්බය 🌱

35 7 0
                                    

කැබ් එකේ යන්න පිටත් වුන ගමනෙ දැන් ටික දුරක් ඇවිත් ,නගර වල ගොඩනැගිලි මිනිස්සු ගොඩාක් තැන් පහු කල්ලා එයාලා ඊලගට පහු කරේ වන රොදක් මැදින් වැටිච්ච පාරක . නගරේ තිබිච්ච ඝෝෂාව නිස්කලංක බවකට පෙරළුනේ එයාලටත් හොරෙන්.

හොසොක් හිටියෙ ඔළුව එලියට දාගෙන එලියෙන් එන සීතල හුළඟ විදින ගමන් අවට පරිසරෙ දිහා බලමින්.
කැබ් එක පිටිපස්සේ එකම පොරයක් තිබුනේ ස්නැක් එකක් බෙදාගන්න බැරුව.

ටේගෙ අතේ තිබිච්ච ස්නැක් එක දෙක තුනකට වැඩිය කන්න නොදී ජන්කුක් උදුරගෙන ඩෙවිල් හිනාවක් දාන් ටේ දිහා බලන් හිටියා. ටේ බැලුවේ ජිමින් දිහා. ජිමින් තමන් ළග තිබුණ ස්නැක් එක ටේහ්යුන්ට දුන්නා.

" ජන්කුකී ඔයා හරි නරකයි දැන්

ජිමින් එහෙම කිව්වත් ජන්කුක් නෙවෙයි එක සතපහකට ගණන් ගත්තෙවත් , ඒ වෙනුවට ජන්කුක් කලේ හාවෙක් වගේ හිනා වෙච්ච එක.

කොහොමින් කොහොම හරි පැය තුනක කාලෙකින් ගමනාන්තයට ලංවෙන්න එයාලාට පුළුවන් වුණා.කට්ටියම බැහැලා එලියට ගියා.එතන පරිසරය හරිම නිස්කලංකයි එක පැත්තකින් වැවක් අනිත් පැත්තෙන් විශාල කැලෑවක් වැවයි කැලෙයි අතර යම්තාක් සෑහෙන්න තැනිතලාවක තමයි කඳවුරු ගහන්න එයාලා තෝරගත්තෙ.

කට්ටිය බැහැලා ඇවිදින්න ගත්තා.ඊට පස්සෙ රාජකාරිය වුණේ කෑම්ප් ගහන එක කොහොමින් කොහොම හරි සෙට් එකම එකතු වෙලා එකත් කරලා අහවරයක් කලා.වෙලාව හවස තුනට විතර ඇති යුන්ගිගෙ උපන් දිනේ යෙදිලා තිබුනේ හවස හයට නිසා කට්ටිය යුන්ගිටත් නොකියා ලෑස්ති වෙලයි හිටියෙ.

කෑම්ප් තුනේ වෙන වෙනමයි කට්ටිය
හිටියෙ. ජින් එක්ක නම්ජුන් එක කෑම්ප් එකක , යුන්ගි එක්ක හොසොක් , පොඩි තුන අනිත් එකේ , හවස නිසා කට්ටිය එලියට බැහැලා ඇවිදින්න ගත්තා.

යුන්ගි ගියේ වැව ගාවම තිබිච්ච බැම්ම උඩට හොසොක් ඇවිත් යුන්ගිගේ එහාපැත්තෙන් වාඩි වුණා. දම් පාට හැන්දෑවෙ කුරුල්ලො රංචුවක් ඉගිලිලා ඒ කුරුලු රංචුවේ හිටියෙ කුරුල්ලො හත් දෙනෙක් , හය දෙනෙක් ඉස්සරහින් අනිකා පස්සෙන් ,

අහම්බය | SOPE Donde viven las historias. Descúbrelo ahora