වෙලාව හවස 4:30 විතර ඇති.යුන්ගි හිටියේ බංගලාවේ ඉඳලා 3km විතර දුරින් තියෙන හං ඟඟ අයිනෙ.අත් දෙකත් සාක්කුවේ ඔබාගෙන යුන්ගි දිගටම ඉස්සරහට ඇවිදගෙන ගියා.පාරේ හමුවෙන හැම මනුස්සයෙක්ම එක පාරක් දෙපාරක් මේ පාරේ ඇවිදන් යන අසාමාන්‍ය සුදුමැලි මනුස්සයා දිහා නොබලා ගියොත් ඒ කලාතුරකින් . යුන්ගි පාර දිගේ ඇවිදගෙන ගියේ ගමනාන්තයක් දැනගෙන නෙවෙයි. ඉස්සරහට හමුවෙන හැම මනුස්සයෙක්ම යුන්ගිගෙ ගමනට ඉඩ දීලා පාරෙන් පැත්තකට වුණේ යුන්ගිගේ නපුරු ඇස් දිහා බැලුව ගමන්ම දරුණු ගතිය කැපිලා පෙනෙන නිසා.
යුන්ගි එකදෙයක් දැකලා ගමන නැවත්තුවේ.යම් කිසි හුරුපුරුදු ගතියක් දැනුනු නිසා. ඒ හංඟඟ අයිනෙ තිබුණ පොඩි බංකුවක් හොසොක් එක්ක ගහපු පලවෙනි පොටෝ එක ගත්තෙ එතනදී ඒ මීට අවුරුදු පහකට කලින් 2013 දී. යුන්ගිට කියාගන්න බැරි තරම් පාළු මූසල ගතියක් දැනුනා. ඟඟ පැත්තට හෙමින් කිට්ටු කරපු යුංගි බංකුවේ වාඩි වුනා.යුන්ගි අතීතයට ගහගෙන ගියේ දරාගන්න බැරි දුකක් හිත කෙනෙත්තද්දී, හමාගෙන එන හුළඟට යුන්ගිගේ කොණ්ඩේ මුහුණට වැටුන උනත් යුංගි නෙවෙයි කොණ්ඩෙ හදාගත්තේ වත්.
" හොසොකා..."
යුන්ගි කෑගැහුවේ එතන කවුරු හිටියත් අදාල නැති ගානට දාලා, සමහර මිනිස්සු හැරි හැරී බලාගෙන ගියත් සමහර අයටනම් ගානක්වත් තිබ්බෙ නැහැ.
යුන්ගි කඳුළු පුරෝගෙන ඈත ඟගේ ඈත කොන දිහා බලාගෙන හිටියා.
................
JM - " ටේ ..
V " හොබි හ්යුන් , මේ දොර අරින්නකො
ටේ ,ජිමින් හොසොක්ගෙ කාමරය ළඟට ඇවිල්ලා කෑගැහුවේ.දොරට තට්ටු කරත් ඇරෙන පාටක් නැති නිසා.
JM -: හොබි හ්යුන්, අනේ අපි පොඩ්ඩක් කතා කරමුකෝ ප්‍රශ්නයක් තියෙනවනම් ඔහොම ඉදලා හරියන්නෙ නැහැනෙ
ටික වෙලාවකින් දොර ඇරුනෙ ටේ ජිමින් ගේ කෑගැහිල්ල නිසාමයි.දොර ඇරුනට පස්සෙ දෙන්නම කඩාගෙන බිඳගෙන ඇතුලට ගියා.
Tae -:"හොබි හ්යුන් හෙට යුන්ගි හ්යුන්ගෙ උපන්දිනෙ"
Hobi -: "හ්ම්"
YOU ARE READING
අහම්බය | SOPE
Randomයුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨