8 වන අහම්බය 🌱

40 7 7
                                    

ඊලග දවස...

උදේ පාන්දර නාද වුණු එලාම් එකේ සද්දෙන් උඩ වීසිවෙලා හොසොක් ඇහැරුනා.ටක වෙලාවක් ඉදලා පියවි සිහියට ආවට පස්සෙ ඇදෙන් නැගිටලා හොසොක් වොෂ් රූම් එකට ගියා.

ඉස්සරහ තිබිච්ච කණ්ණාඩියෙන් හොසොක් තමන්ගේ රුව දිහාම බලන් ඉන්නකොට එකපාරටම හොසොක්ට මතක් වුනේ යුන්ගි ගේ උපන් දිනේ.

Flash back yesterday..

" මොකද ජිමිනා

" මේක ගන්න , ජිමින් දුන්නේ ලා කොල පාට සහ කහ පාට මිශ්‍ර වෙච්ච ක්‍රිස්ටල් එකක් තිබ්බ රින්ග් එකක්.

" මේ , මේක කොහෙන්ද ඔයාට

හොසොක් ගියේ එයාගෙ ළමා කාලෙට හොසොක් එක වසරෙ ඉගෙන ගන්නා කාලෙ ඒ උපන් දිනේ දවසේ හොසොක්ගෙ උපන් දිනේ සමරන්න තරම් ආර්ථිකයක් තිබුනෙ නැති නිසා හොසොක් පන්තියේදී ඒ දවසේ ගොඩක් අසරණ වුනා.හොසොක්ගෙ අම්මා එයාගෙ අම්මගෙන් ගෙන් ලැබිච්ච එකම ස්වර්ණාභරණය හොසොක්ට දුන්නේ හොසොක්ගෙ කදුළු දකින්න බැරි නිසා.

" හොබි හ්යුන් , මේක තිබුනේ මම ළඟ ඒත් මගේ අතිනුත් මේක නැතිවුනා බොහොම අමාරුවෙන් හොයලා තමයි මේක ඔයාට දුන්නෙ.

" ඔයා දන්නවද ජිමින් , මේක තමයි මගේ පළවෙනි උපන්දින තෑග්ග මම ඒ උපන් දිනේ දවසේ පන්තියේ හිටියෙ ගොඩක් අසරණ වෙලා ,අනිත් ළමයි උපන් දින තෑග්ගක් අනිවාර්යෙන් දෙනවමයි , ඒත් මට එක බැරිවුනා ජිමින් ...

" ගණන් ගන්න එපා හොබි හ්යුන් , අතීතය නෙවෙයි අපි හිතන්න ඕනෑ වර්තමානය ගැන , ඔයාට අපි හයදෙනා ඉන්නවා හැමදාම

ජිමින් දිලිසෙන ඇස් වලින් එහෙම කියලා හොසොක්ව බදා ගත්තා.

" ඒ වගේම හොබි හ්යුන් මතක තියාගන්න ඔයාට " යුන්ගි හ්යුන් " ඉන්නවා "

................

එලියේ නවත්තලා තිබුනේ කැබ් එකක් පොඩි තුන පිටි පස්සෙ පොරකකා හිටියා.පැසෙන්ජර් එකේ නම්ජුන් ඩ්‍රයිව් එකේ ජින් හිටියා.

ජන්කුක් ඕන කරන බඩු පැක් කරපු ෂූට් කෙස් ටික කැබ් එකේ පිටිපස්සෙන් උස්සලා තිව්වා.

යුන්ගි ලැස්තිවෙලා ඇවිත් ආලින්දයට වෙලා ටිකක් වෙලා හිටියෙ හොසොක් එනකන්.. පෝන් එකට ඔලුව දාගෙන හිටපු යුන්ගි සිහියට ආවේ පඩිපෙලෙන් එන හොසොක් දැකපු නිසා.

" කෝ ඕක දෙන්න

යුන්ගි හොසොක් ගේ ළඟ තිබුණු බෑග් ටික ගත්තේ බෑග් වල හොසොක්ට දරා ගන්න බැරි තරම් බර තිබුන නිසා.

යුන්ගි බඩු ටිකත් ජන්කුක්ට දීලා වාහනේට නැග්ගා හොසොක් ඊට එහාපැත්තෙන් වාඩි වුණා.ජින් ඇක්ස්ලේටරයට බර දීලා ගමන පටන් ගත්තා.

..............

අන්නාසියෝ ...🌈🍁 පොඩි එකක් එන්නම්...

අහම්බය | SOPE Tempat cerita menjadi hidup. Temukan sekarang