25 වන අහම්බය 🌿

20 5 12
                                    

හොසොක් යුන්ගිගෙන් ටිකක් ඈත් වුනේ යුන්ගි කුනුහරුපෙන් බැන්න නිසා.ටික වෙලාවක් ඉදලා යුන්ගි මූණ අතපය හෝදන් ආපහු කාමරේට ආවා.ඒත් එක්කම යුන්ගි දැක්ක දෙයින් යුන්ගි පුදුම වෙලා කටත් ඇරගෙන හොසොක් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

" ඇයි යුන්ගි හ්යුන් මේ ඇදුම හරියන්නෙ නෑ වගේද ?

" ඒක සුපිරි

හොසොක් හිටියෙ සුදු පාට කෝට් එකක් සහ ඒකටම ගැලපෙන්න සුදු දිග කලිසමක් ගහගෙන හොසොක්ගෙ හිනාවත් එක්ක යුන්ගිට හොසොක්ව පෙනුනෙ බැබලෙන දේවදුතයෙක් වගේ.යුන්ගිත් ලෑස්ති වෙලා ඉකමණටම පල්ලෙහාට ආවා. අපාර්ට්මන්ට් එක ඉස්සරම කැබ් තුනක් ලෑස්ති කරලා තිබ්බා. අනිත් පස් දෙනත් එලියට වෙලා බලාගෙන හිටියෙ දෙන්නා එනකන් කොහොමින් කොහොම හරි ආවට පස්සෙ ජන්කුක් , ජිමින් , තේහ්යුන් එක කැබ් එකකට ගිහින් වාඩි වෙලා කතා කරන්න ගත්තා. හොසොක් යුන්ගි ඉස්සරහ නම්ජුන් සහ ජින් හිටගෙන කතා කරන්න ගත්තා.

" හොසොක් යුන්ගි දන්නවනෙ අද ටයිම් ටේබල් එක ඕනනනම් මම ආයෙත් මතක් කරන්නම්

ජින් කතා කරලා නම්ජුන්ට කියන්න කියලා ඔලුව වනලා ඉඟි කලා.

" යුන්ගි හ්යුන් , අද ටිකක් ඔයාලා දෙන්නට බිසී වෙන්න වෙයි , ඉන්ජොන් වලින් ඔයාලා දෙන්නයි මමයි ටෝකියො ප්ලයිට් එකට එනවා , ජින් හ්යුන් එක්ක අනිත් අය සෝල් වල කොන්සර්ට් එකකට යනවා. අපි යන්නෙ කොන්සර්ට් එකකට නෙවෙ රැප් සහ ඩාන්ස් පුහුණුවකට

" හ්ම්

කතාවෙන් කතාව වෙලාවත් ගිහින් යුන්ගි , හොසොක් , නම්ජුන් තුන්දෙනා එක කැබ් එකකත් අනිත් හතරදෙනා අනිත් කැබ් එකෙත් වෙන වෙනමම ගියා.

යන අතරමග දිගටම හිම වැටෙන්නත් පටන් ගත්තා. යුන්ගි කැබ් එකෙන් එලිය දිහා බලන් හිටියෙ පුරුදු මලානික බැල්මෙන්.ටික වෙලාවකට පස්සෙ නිහඩතාවය බිදිමින් නම්ජුන් කතාව පටන් ගත්තා.

" යුන්ගි , හොසොක් හ්යුන්

" කියන්න නම්ජුනා

" මම මේ ඔයාලා දෙන්නට බාධා කරනවා කියල හිතන්න එපා

" නෑ නෑ එහෙම නෑ කියන්න

අහම්බය | SOPE Where stories live. Discover now