13 වන අහම්බය 🌱

30 6 0
                                    

" දරුවෝ ..

හොසොක් ගේ පපුවට තියලා ඉකි ගහ ගහ සිටිය යුන්ගි එකපාරටම ඔලුව උස්සලා බැලුවේ ඒ ශාන්ත වුන කටහඬ කාගෙද කියලා.

ඇසතු ගහ මුල භාවනායෝගීව සිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පැන් ටිකක් සප්පායම් වෙන්න කෙණ්ඩියත් අරගෙන පොකුණ දෙසට වඩින ගමන් ඉද්දී අහම්බෙන් හොසොක්ගේ පපුවට තියන් ඉකි ගහන යුන්ගිව දැක්කා.ඒත් එක්කම ස්වාමීන් වහන්සේ යුන්ගි හිටපු දෙසට හෙමින් වැඩම කලා.

" හාමුදුරුවනේ

" දරුවො මේ පලාතේ වෙන්නනම් බෑ

ස්වාමීන් වහන්සේ එහෙම කිව්වෙ හොසොක් සහ යුන්ගි ඇඳන් සිටි ඇඳුම් පැළඳුම් දිහා බලලා ඒවා සාමාන්‍යය මිනිස්සුන් අඳින ඒවාට වඩා මිල ගණන් අධික ඇඳුම් පැළඳුම් වුනා.

" නැහැ හාමුදුරුවනේ , අපි සෝල් නගරේ ජීවත් වෙන්නේ , යාලුවොත් එක්ක සවාරියක් ආවා , වැවේ ඔරුවේ යන ගමන් ඉද්දී ඔරුව ගිලුන නිසා මේ කැලේට එන්න සිද්ධ වුනේ , මෙයාට හොදටෝම උණ ගැනිලා හාමුදුරුවනේ

" මේ යාලුවා වෙන්න ඇති නේද , එන්නකෝ මාත් එක්ක

යුන්ගි හොසොක්ව අත් දෙකට අරගෙන ස්වාමීන් වහන්සේ වඩින පසුපසින් ගියා.හොසොක් ඇසතු ගහ මුලින් තියලා යුන්ගි දන ගහගත්තා .ඒ අවට වටපිටාව හරිම නිස්කලංකයි. විශාල වුන ඇසතු ගහ වටේටම සුදු වැලිතලයකින් සමන්විත වුණා.ඉදහිටලා හමාගෙන යන සුළඟට සෙලවෙන බෝපත් වල සිහින් හඬ ඕනම මනුස්සයෙක් නිවන්න සමත් වුනා.ස්වාමීන් වහන්සේ තමන්ගේ ගමන් මල්ලෙන් ගත්ත මී පැණි බෝතලය අරගෙන පිරිත් කරන්න වුණා.ස්වාමීන් වහන්සේ මී පැණි බින්දුවක් අරගෙන හොසොක්ගෙ දිවෙන් තිව්වා.යුන්ගි ලොකු වුවමනාවකින් හොසොක් දිහා බලන් හිටියා.විනාඩි පහක් යන්නටත් මත්තෙන් හොසොක් සිහියට ආවෙ යුන්ගිව පුදුමයට වගේම සතුටකට පත් කරන ගමන්.

" බොහෝම පින් හාමුදුරුවනේ

යුන්ගි එහෙම කිව්වෙ හාමුදුරුවන් ඉදිරියෙහි වැද වැටෙන ගමන්,

" ඔය ළමයින්ට ගොඩක් මහන්සි පාටයි,

හොසොක් අවදි වුනේ ඒ වෙලාවේ , අවදි වුන ගමන්ම මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉද්දී හොසොක් ස්වාමීන් වහන්සේ දැකලා අමාරුවෙන් උනත් දණගහලා වැඳලා යුන්ගි හිටපු පැත්තෙන් වාඩි වුණා.ස්වාමීන් වහන්සේ ගමන් මල්ලෙන් ගත්ත පලතුරු වගයක් යුන්ගි දිහාට දුන්නා.යුන්ගි ඔලුව පහත් කල්ලා ඒවා භාරගත්තා.

අහම්බය | SOPE Where stories live. Discover now