16 වන අහම්බය 🌱

35 6 8
                                    


යුන්ගි යොන්හී එක්ක කතා කරමින් ඉන්න අතරතුරේදී ජේසින් කාමරේ දොර ළඟට ඇවිත් ටිකක් වෙලා කාමරේ දිහා බලලා ඇතුලට ඇවිත් පැත්තකන් වාඩි වුනේ බිත්තියට ඔලුවත් තියාගෙන.

" ඉතින් ඉතින්

" අපි ඒ සංගීතේ ඉවර කලේ අපේ ගොඩක් රසිකයින් අඬද්දී.එයාලා හැමදාම සංගීත ප්‍රසංගය ඉවරවෙලා අපි ආපහු යද්දී එහෙමයි.

" අහ් ඔයා කියන විදියට ඔයාලා දකුණු කොරියාවේ ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ඒ කියන්නෙ නේද? ඔයාලා මෙහාට ආපු එකනම් ඇත්තටම අදහගන්නවත් බෑ , අපේ අම්මනම් කියලා තියෙන්නෙ මේකෙන් එහා ලෝකෙ දකින්න ගිහින් නිකන් නිකරුනේ ජීවිතේ නැති කරගන්න එපා කියලා.

" ඔව් , ඔයාගෙ අම්මා කිව්ව එක හරි , මේ ගමෙන් එහා විතරක් නෙවෙයි, හැමතැනකදීම ජීවිතේ කියන්නෙ ගොඩක් අමාරු දෙයක්

කතාව අවසන් කරන ගමන් එතනට කඩා වැදුනේ යොංහා ගොඩක් කලබලේකින් ආව යොංහා හති අරිමින් ඉදලා කතා කරා.

" යුන්ගි ,

" ඇයි මොකද වුනේ යොංහා

" නෑ නෑ නෑ කිම්යොන්ශික් කලබල වෙන්න ඕනෙ නෑ , යුන්ගි හොසොක් එක්ක ඉක්මනටම රාජමාලිගාවට එන්න ,

" ඒත් යොංහා එයාට හොදටම අසනීපයිනෙ

යොංහී කිව්වෙ හොසොක් දිහා බලන ගමන්
යුන්ගි ඉක්මකනට හොසොක් ළඟට ගිහින් හොසොක්ව අවදි කරන්න උත්සාහ කලා.ගොඩක් මහන්සියෙන් වගේම අමාරුවකින් තමයි හොසොක් හිටියෙ.

" හොබි , ඉක්මනට නැගිටින්න

" ඇයි , යුන්ගි හ්යූන් කලබලෙන්

" අපිට එන්න කියල හොබි ඉක්මනට යන්

අමාරුවෙන් හොසොක් නැගිටලා හිරි ඇරලා යුන්ගි ,යොංහා එක්ක එලියට බැස්සා.යොංහීත් එයාලා එක්ක එන්න හැදුවත් යොංහා එයාට එන්නෙ නැතුව නවතින්න කියලා කිව්වා.මාලිගාව ළඟටම ආපු යොංහා නැවතුනේ ඇතුලට යන එක ඕනවට වඩා පැහිච්චකමක් කියලා හිතුන නිසා. ඒත් ජේසින් යුන්ගි හොසොක් පිටුපසින් රජ මාලිගාව ඇතුලට ගියා.

තුන්කට්ටුව එනවා දැකපු රජතුමා නැගිටලා සිටියා.දෙන්නා එනකන් බලන් හිටපු කේලම රජතුමාට කියපු යූවරජ පැත්තකට වෙලා බලන් හිටියා.කොහොමින් කොහම හරි මාලිගාවෙ රජතුමා ඉන්න තැනට ඉස්සරහින් තුන්දෙනා නැවතුනා.

අහම්බය | SOPE Where stories live. Discover now