24 වන අහම්බය 🌿

22 5 2
                                    

" මොනවද බන් ජන්කුක් උඹ කරන්නෙ ?

යුන්ගි ගෙ කටහඬ ඇහුණ ජන්කුක් ඉක්මනට දුවගෙන ගියේ ෆ්‍රිජ් එකේ තිබුන කැරට් මල්ලකුත් උස්සගෙන , යුන්ගිගෙත් ඇඟෙ වැදීගෙන දුවගෙන යද්දී ඇස් පිහිද පිහිද ඒ පැත්තට ආපු හොසොක්ගෙ ඇගෙත් වැදුනා.හොසොක් ජන්කුක්ගෙ ධාරානිපාත ඇගේ වැදිලා වීසිවෙලා ගිහින් යුන්ගිගෙ ඇගෙ වැදිලා නැවතුනා. ටික වෙලාවකින් යුන්ගිගෙන් ඈත් වෙලා ජන්කුක්ට බනින්න ගත්තා.

" මේ පොඩ් මාරයගෙන් කිසි දෙයක් බේරගන්න බෑ හ්යුන්

" ඒකනෙ , දැන් උඹ මොකද කරන්නෙ මේ මහ රෑ ඈහැරිලා

" මම කිරි එකක් බොන්න ආවෙ හ්යුන් , ගෑස්ටික් නිසා බඩ නිකන් පිච්චෙනවා වගේ නින්ද යන්නෙත් නෑ

" හරි ඕකෙ ඇති බලන්න

හොසොක් කිරි එකක් එලියට අරගෙන බොන ගමන් යුන්ගිත් එක්ක කතා කරන්න ගත්තා.

" හ්යුන් ඇයි ඇහැරිලා නින්ද යන්නෙ නැද්ද ?

" නෑනෙ මේ දවස්වල ඔලුව අවුල් වෙලා වගේ ටිකක්

" ඒ ඇයි හ්යුන් මොකද වුනෙ ? ජන්කුක් නිසාද ?

" අපෝ නෑ මට පාලුයි හොබි ටිකක් මේ දවස් ටිකේම උඹටත් කරදර කරන්න බැරි නිසා ඉවසන් හිටියා පාඩුවෙ

" ඕව හිතන්න එපා හ්යුන් නිදාගන්න ගිහිල්ලා ඉස්සරහට වැඩ වැඩි නිසා ඔය ප්‍රශ්න ගැන හිතන්න කාලයක් නැති වෙයි.

" හ්ම්ම්

යුන්ගි හොසොක් කුස්සියෙන් එලියට ඇවිත් කාමර වලට ගියා.යුන්ගි එයාගෙ කාමරේ දොර ළඟ දෙන්නම නැවතුනා.

" යුන්ගි හ්යුන් ප්‍රශ්නයක් නෑනෙ ? නිදාගන්න බැරි තරම් ප්‍රශ්නයක් තියෙයිද ?

" තියෙනවා හොබා

" කියන්න හ්යුන් මොකක්ද මම පුළුවන් උදව්වක් කරන්නම් හ්යුන්ට

" උඹට විතරමයි තමයි බන් මට උදව් කරන්න පුළුවන්

" ඇයි යුන්ගි හ්යුන්

" මට උඹව ඕනෙ හොබියො , මට මේක තවත් දරාගන්න බෑ ප්ලිස්

යුන්ගි හොසොක්ගෙ ඉන වටේ අතක් යැව්වෙ කලකිරුණු වගේම බැගෑපත් මුහුණකින් .හොසොක්ගෙ මූණ එකසිය ගානට රත් වෙලා ඇඹරෙන්න ගත්තෙ මෙ වෙලාවෙ.

අහම්බය | SOPE Where stories live. Discover now