20 වන අහම්බය 🌱

37 6 7
                                    


ජේසින් නොපෙනී ගියාට පස්සෙ හොසොක් යුන්ගි එක්ක කතා කරන්න ගත්තා . රෑ තුන පමණ වුන නිසා හොසොක් වගේම යුන්ගිත් හිටියෙ ටිකක් බය වෙලා.

" යුන්ගි හ්යුන්

" කියන්න

ඒත් එක්කම හොසොක් යුන්ගිගේ ළගට ගිහින් යුන්ගිගේ බෙල්ල වටේ අත් යවලා යුන්ගි දිහා කියාගන්න බැරි තරම් ආදරේකින් බලන් හිටියා.යුන්ගිත් ඒකට උත්තරයක් විදියට හොසොක්ගෙ ඉන වටේ අත් යවලා තුරුල් කර ගත්තා,

" මොකද හොබී එක පාරටම

" දන්නෙ නෑ හ්යුන් , මම දන්නෙ නෑ යුන්ගි හ්යුන් එක්ක ගත කරන්න වෙන අවසාන වතාව මේකද කියලා , එත් හ්යුන් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "

යුන්ගි තවත් බැරෑරුම් ලෙස හොසොක් දිහා බලන් හිටියා ,

" හොසොක් , මගේ ඇස් දෙක දිහා බලන්න මම කවදාවත් මගේ හොසොක්ව තනි කරේ නෑ , කොච්චර අය මගේ අහිංසක දඬුලේන් පැටියට කැතයි කිව්වද ඉස්සර , ඒත් මම උඹ ගාවින් කලින් ඉඳන්ම හිටියා මතකද?මතකයි නේද?
උඹට මට කියන්න බැරි දෙයක් නෑ හොබී ...

" හරි මම කියන්නම් හ්යුන් , මට ඉඩ දෙනවද එහෙනම් , යුන්ගි හ්යුන් මම ඔයාට පපුව පැලෙන්න තරම් ආදරෙයි යුන්ගි හ්යුන් , ඒ..ඒක තනිකරම මට පිස්සු හැදෙන තරම් , මට සමාවෙන්න හ්යුන් මම මගේ හැඟීම් තේරුම් ගන්න ගොඩක් පරක්කු වුනා.මම මගේ හ්යුන්ට විතරමයි ආදරේ කරන්නෙ..

හොසොක් පොඩි ලමයෙක් වගේ හඬා වැටෙනගමන් යුන්ගිගේ උරහිසේ කඳුළු හෙලුවා...යුන්ගිට එයා ආදරෙ කරපු හොසොක්ගෙ කඳුළු තමන්ගෙ උරහිස තෙත් කරද්දී කොච්චර වේදනාවක් දැනුනත් යුන්ගි ඒක නවත්තන්න ගියේ නැහැ..

ආදරෙයි කියලා හොසොක් කොච්චර කාලයක් පෙන්නුවත් යුන්ගි අවුරුදු දහයක් තිස්සෙ බලන් හිටියෙ හොසොක්ගෙ මුවෙන්ම ඒ වචන පිටවෙනකම්...යුන්ගි හොසොක්ව තුරුලු කරගෙන හැඬුවා. ඒ දුකටද ? සතුටටද ? ඔව් යුන්ගි හැඬුවේ හිතේ තිබුන කියාගන්න බැරි සතුටටම තමයි...

" මේ අහපන් හොසොක්..

යුන්ගි හඬාවැටෙන හොසොක්ගෙ කදුළු පිහිදාලා තමන්ගෙ මූණ ඉස්සරහට අරගෙන ඒ අහිංසක දඬුලේන් ඇස් දිහා බලන් හිටියේ තමන්ගෙ වටිනම වස්තුවක් දිහා බලන විදිහට...

අහම්බය | SOPE Where stories live. Discover now